සූරා Fussilat فصلت
වාක්‍ය 54 · මක්කා · revelation order 61
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ
Sinhalese Translation - Rowwad Translation Centerහා මීම්.[1]
See all translations of this verse →
تَنزِيلٌ مِّنَ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
Sinhalese Translation - Rowwad Translation Center(මෙය) අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගෙන් වූ පහළ කිරීමකි.
See all translations of this verse →
كِتَٰبٌ فُصِّلَتْ ءَايَٰتُهُۥ قُرْءَانًا عَرَبِيًّا لِّقَوْمٍ يَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerදැනමුතුකම් ලබන ජනයාට එහි වදන් විස්තර කරනු ලැබූ අරාබි කියවීමකින් යුතු ග්‍රන්ථයකි.
See all translations of this verse →
بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ
Sinhalese Translation - Rowwad Translation Center(එය) ශුභාරාංචි දැනුම් දෙන්නක් හා අවවාද කරන්නක් වශයෙනි. එහෙත් (දේවත්වය ප්‍රතික්ෂේප කරන) ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පිටුපෑවෝ ය. එමෙන් ම ඔවුහු සවන් නො දෙති.
See all translations of this verse →
وَقَالُوا۟ قُلُوبُنَا فِىٓ أَكِنَّةٍ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ وَفِىٓ ءَاذَانِنَا وَقْرٌ وَمِنۢ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَٱعْمَلْ إِنَّنَا عَٰمِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔබ අප කවර දෙයක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ සම්බන්ධයෙන් අපගේ හදවත් ආවරණයන් තුළ ය. තවද බිහිරි බව අපගේ කන් තුළ ය. අප අතර හා ඔබ අතර තිරයකි. එහෙයින් නුඹලා ක්‍රියා කරනු. නියත වශයෙන් ම අප ද ක්‍රියා කරන්නෝ වෙමු යැයි ද ඔවුහු පවසති.
See all translations of this verse →
قُلْ إِنَّمَآ أَنَا۠ بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌ وَٰحِدٌ فَٱسْتَقِيمُوٓا۟ إِلَيْهِ وَٱسْتَغْفِرُوهُ وَوَيْلٌ لِّلْمُشْرِكِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මම නුඹලා මෙන් මිනිසෙකි. නුඹලාගේ දෙවිඳුන් එක ම දෙවිඳා යැයි මට පණිවිඩ දෙන ලදි. එහෙයින් නුඹලා ඔහු වෙත ස්ථාවරව සිටිනු. තවද නුඹලා ඔහුගෙන් සමාව අයැදිනු. ආදේශ කරන්නන්හට දැඩි දඬුවමක් ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
ٱلَّذِينَ لَا يُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ كَٰفِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි zසකාත් (අනිවාර්ය බද්ධ) නො දෙති. තවද මතු ලොව පිළිබඳව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහු ම ය.
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට අවසන් නො වන (නිත්‍ය) ප්‍රතිඵලයක් ඇත.
See all translations of this verse →
قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِٱلَّذِى خَلَقَ ٱلْأَرْضَ فِى يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُۥٓ أَندَادًا ذَٰلِكَ رَبُّ ٱلْعَٰلَمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerදින දෙකක් තුළ මහපොළොව මැවූ ඔහුව නුඹලා ප්‍රතික්ෂේප කොට නුඹලා ඔහුට සමානයන් තබන්නෙහු ද? ලෝකයන්හි පරමාධිපති ඔහුය යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
وَجَعَلَ فِيهَا رَوَٰسِىَ مِن فَوْقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقْوَٰتَهَا فِىٓ أَرْبَعَةِ أَيَّامٍ سَوَآءً لِّلسَّآئِلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඊට ඉහළින් එහි (පොළොවෙහි) කඳු ඇති කළේ ය. තවද එහි සමෘද්ධිය ඇති කළේ ය. දින හතරක් තුළ පෝෂණ සම්පත් නිර්ණය කළේ ය. මෙය ඒ ගැන විමසන්නන්හට සරිලන පිළිතුරකි.
See all translations of this verse →
ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු අහස දෙසට යොමු විය. එය දුමක් මෙන් තිබී ය. එවිට “ඔබ දෙදෙනා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ පැමිණෙනුයි” එයට හා මහපොළොවට ඔහු පැවසී ය. “අපි අවනත වන්නන් ලෙසින් පැමිණියෙමු” යැයි ඒ දෙක පැවසී ය.
See all translations of this verse →
فَقَضَىٰهُنَّ سَبْعَ سَمَٰوَاتٍ فِى يَوْمَيْنِ وَأَوْحَىٰ فِى كُلِّ سَمَآءٍ أَمْرَهَا وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَٰبِيحَ وَحِفْظًا ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඒවා දින දෙකක් තුළ අහස් හතක් ලෙස පූර්ණවත් කළේ ය. තවද සෑම අහසකට ම එහි න්‍යායය දන්වා සිටියේ ය. තවද පහළ අහස අපි පහන් මඟින් අලංකාරවත් කළෙමු. තවද (එය) ආරක්ෂාවක් වශයෙනි. එය සර්ව ඥානී සර්ව බලධාරියාණන්ගේ නිර්ණය කිරීමයි.
See all translations of this verse →
فَإِنْ أَعْرَضُوا۟ فَقُلْ أَنذَرْتُكُمْ صَٰعِقَةً مِّثْلَ صَٰعِقَةِ عَادٍ وَثَمُودَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුහු පිටුපැවේ නම්, “ආද් හා සමූද් ජනයාගේ අකුණු දඬුවම මෙන් අකුණු දඬුවමක් ගැන මම නුඹලාට අවවාද කර සිටිමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
إِذْ جَآءَتْهُمُ ٱلرُّسُلُ مِنۢ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ قَالُوا۟ لَوْ شَآءَ رَبُّنَا لَأَنزَلَ مَلَٰٓئِكَةً فَإِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَٰفِرُونَ
Sinhalese Translation - Rowwad Translation Center“නුඹලා අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට නැමදුම් නො කරනු” යැයි පවසමින් ඔවුනට ඉදිරියෙන් ද ඔවුනට පසු පසින් ද ධර්ම දූතවරුන් ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ, “අපගේ පරමාධිපති අභිමත කළේ නම් මලක්වරුන් ඔහු පහළ කරන්නට තිබුණි. එහෙත් නුඹලා කවර කරුණක් සමඟ එවනු ලැබුවෙහු ද නියත වශයෙන් ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.
See all translations of this verse →
فَأَمَّا عَادٌ فَٱسْتَكْبَرُوا۟ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَقَالُوا۟ مَنْ أَشَدُّ مِنَّا قُوَّةً أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً وَكَانُوا۟ بِـَٔايَٰتِنَا يَجْحَدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerආද් ජනයා වූ කලී යුක්තියෙන් තොරව ඔවුහු මහපොළොවේ උඩඟුකම් පෑවෝ ය. “අපට වඩා බලයෙන් දැඩි වූවෝ කවුරුන් දැ? යි” ඔවුහු පැවසුවෝ ය. නියත වශයෙන් ම ඔවුන් මැවූ අල්ලාහ් ඔවුනට වඩා බලයෙන් ඉතා දැඩි බව ඔවුහු නො දුටුවෝ ද? තවද ඔවුහු අපගේ සංඥාවන් ප්‍රතික්ෂේප කරමින් සිටියෝ ය.
See all translations of this verse →
فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِىٓ أَيَّامٍ نَّحِسَاتٍ لِّنُذِيقَهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَخْزَىٰ وَهُمْ لَا يُنصَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට මෙලොව ජීවිතයේ නින්දිත දඬුවම අප ඔවුනට භුක්ති විඳවනු පිණිස අසුබ දිනයන්හි දැඩි හඬ සහිත සුළි සුළඟක් අපි ඔවුන් වෙත එව්වෙමු. තවද මතු ලොව දඬුවම වඩාත් නින්දනීය ය. තවද ඔවුහු උදව් කරනු නො ලබති.
See all translations of this verse →
وَأَمَّا ثَمُودُ فَهَدَيْنَٰهُمْ فَٱسْتَحَبُّوا۟ ٱلْعَمَىٰ عَلَى ٱلْهُدَىٰ فَأَخَذَتْهُمْ صَٰعِقَةُ ٱلْعَذَابِ ٱلْهُونِ بِمَا كَانُوا۟ يَكْسِبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සමූද් ජනයා වූ කලී අපි ඔවුනට යහමග පෙන්වූයෙමු. එහෙත් ඔවුහු යහමගට වඩා අන්ධබව ප්‍රිය කළෝ ය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුකොට නින්දිත දඬුවමේ මහා (අකුණු) හඬ ඔවුන් හසුකර ගත්තේ ය.
See all translations of this verse →
وَنَجَّيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද දේවත්වය විශ්වාස කොට (පාපකම් සිදු කිරීමෙන්) වැළකී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.
See all translations of this verse →
وَيَوْمَ يُحْشَرُ أَعْدَآءُ ٱللَّهِ إِلَى ٱلنَّارِ فَهُمْ يُوزَعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ්ගේ සතුරන් (නිරා) ගින්න වෙත එක්රැස් කරනු ලබන දින එවිට ඔවුහු පෙළ ගසා තබනු ලබති.
See all translations of this verse →
حَتَّىٰٓ إِذَا مَا جَآءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَٰرُهُمْ وَجُلُودُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් ඒ (ගින්න) වෙත පැමිණෙන අවස්ථාව වන විට ඔවුන්ගේ සවන් ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ඔවුනට එරෙහිව සාක්ෂි දරනු ඇත.
See all translations of this verse →
وَقَالُوا۟ لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَا قَالُوٓا۟ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِىٓ أَنطَقَ كُلَّ شَىْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද “අපට එරෙහිව නුඹලා සාක්ෂි දැරුවේ ඇයි දැ?” යි ඔවුහු ඔවුන්ගේ හම්වලින් විමසති. “සියලු දෑ කතා කෙරෙව්වා වූ අල්ලාහ් අපවද කතා කෙරෙව්වේ ය. තවද නුඹලා මුල්වරට මැව්වේ ඔහු ය. තවද ඔහු වෙත මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ” යැයි ඒවා පවසා සිටිනු ඇත.
See all translations of this verse →
وَمَا كُنتُمْ تَسْتَتِرُونَ أَن يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَآ أَبْصَٰرُكُمْ وَلَا جُلُودُكُمْ وَلَٰكِن ظَنَنتُمْ أَنَّ ٱللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِّمَّا تَعْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ සවන් හෝ නුඹලාගේ දෘෂ්ටීන් හෝ නුඹලාගේ හම් හෝ නුඹලාට එරෙහිව සාක්ෂි නො දරා සිටීමට (ඒවාට නො දැනෙන පරිදි) නුඹලා සැඟ වී සිටින්නන් නො වීය. එනමුත් නියත වශයෙන් ම නුඹලා සිදු කරන දැයින් බොහෝ දෑ අල්ලාහ් නො දන්නේ යැයි නුඹලා සිතුවෙහු ය.
See all translations of this verse →
وَذَٰلِكُمْ ظَنُّكُمُ ٱلَّذِى ظَنَنتُم بِرَبِّكُمْ أَرْدَىٰكُمْ فَأَصْبَحْتُم مِّنَ ٱلْخَٰسِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඒවා නුඹලා නුඹලාගේ පරමාධිපති පිළිබඳ සිතූ නුඹලාගේ සිතුවිල්ල ය. එය නුඹලාව විනාශ කර දැමුවේ ය. එහෙයින් නුඹලා පරාජිතයින් අතරට පත් වූයෙහු ය.
See all translations of this verse →
فَإِن يَصْبِرُوا۟ فَٱلنَّارُ مَثْوًى لَّهُمْ وَإِن يَسْتَعْتِبُوا۟ فَمَا هُم مِّنَ ٱلْمُعْتَبِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුහු ඉවසිලිවන්ත වුව ද නිරා ගින්න ඔවුනට සතු නිවහන වී ඇත. තවද ඔවුහු නැවත පිහිට පැතුව ද (එසේ) පිහිට දෙනු ලබන්නන් අතරින් ඔවුහු නැත.
See all translations of this verse →
وَقَيَّضْنَا لَهُمْ قُرَنَآءَ فَزَيَّنُوا۟ لَهُم مَّا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنَّهُمْ كَانُوا۟ خَٰسِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුනට සහචරයින් පත් කළෙමු. එවිට ඔවුහු ඔවුන්ගේ ඉදිරියේ ඇති දෑ ද ඔවුන්ගේ පසුපසින් ඇති දෑ ද ඔවුනට අලංකාර කර පෙන්වූවෝ ය. තවද ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් අතරින් ඉකුත්ව ගිය සමූහයන් තුළ තිබූ (දඬුවමේ) ප්‍රකාශය ඔවුන් වෙත නියම විය. නියත වශයෙන් ම ඔවුහු පරාජිතයින් වූවෝ ය.
See all translations of this verse →
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَسْمَعُوا۟ لِهَٰذَا ٱلْقُرْءَانِ وَٱلْغَوْا۟ فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද “මෙම කුර්ආනයට සවන් නො දෙනු. (එය අවහිර කරමින්) නිෂ්ඵල දෑ සිදු කරනු. (එවිට) නුඹලා අබිබවා යා හැකිය” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝ ය.
See all translations of this verse →
فَلَنُذِيقَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ عَذَابًا شَدِيدًا وَلَنَجْزِيَنَّهُمْ أَسْوَأَ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් සැබැවින් ම අපි ප්‍රතික්ෂේප කළවුනට දැඩි දඬුවමක් විඳින්නට සලස්වමු. තවද ඔවුන් සිදු කරමින් සිටි නපුරට අපි ඔවුනට ප්‍රතිවිපාක පිරිනමන්නෙමු.
See all translations of this verse →
ذَٰلِكَ جَزَآءُ أَعْدَآءِ ٱللَّهِ ٱلنَّارُ لَهُمْ فِيهَا دَارُ ٱلْخُلْدِ جَزَآءًۢ بِمَا كَانُوا۟ بِـَٔايَٰتِنَا يَجْحَدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑය අල්ලාහ්ගේ සතුරන්ගේ ප්‍රතිවිපාකය වූ (නිරා) ගින්න ය. ඔවුන් අපගේ වදන් හෙළා දකිමින් සිටි බැවින් ප්‍රතිවිපාක වශයෙන් එහි ඔවුනට සදා නිවහන ඇත.
See all translations of this verse →
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ رَبَّنَآ أَرِنَا ٱلَّذَيْنِ أَضَلَّانَا مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ ٱلْأَسْفَلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද “අපගේ පරමාධිපතියාණනි! ජින්වරුන් හා මිනිසුන්ගෙන් අපව නොමග යැවූ දෙවර්ගය අපහට පෙන්වනු මැනව! ඔවුන් දෙවර්ගය පහත් වූවන් අතරට පත්වනු පිණිස අපි අපගේ දෙපා යටට ඔවුන්ව පත් කරන්නෙමු” යැයි ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත.
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ قَالُوا۟ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَٰمُوا۟ تَتَنَزَّلُ عَلَيْهِمُ ٱلْمَلَٰٓئِكَةُ أَلَّا تَخَافُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَبْشِرُوا۟ بِٱلْجَنَّةِ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ
Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම අපගේ පරමාධිපති අල්ලාහ්” යැයි පවසා පසුව (එහි) ස්ථාවරව සිටියවුන් වන ඔවුන් වෙත “නුඹලා බිය නො වනු. තවද දුක් නො වනු. තවද නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි ස්වර්ගය පිළිබඳ ප්‍රීති වනු” යැයි (පවසමින්) මලක්වරුන් පහළ වනු ඇත.
See all translations of this verse →
نَحْنُ أَوْلِيَآؤُكُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْـَٔاخِرَةِ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِىٓ أَنفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි නුඹලාගේ මිතුරන් අපි වෙමු. නුඹලාගේ සිත් ආශා කරන දෑ එහි නුඹලාට ඇත. තවද නුඹලා පතන දෑ ද එහි නුඹලාට ඇත.
See all translations of this verse →
نُزُلًا مِّنْ غَفُورٍ رَّحِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑය අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන්ගෙන් වූ සංග්‍රහයක් වශයෙනි.
See all translations of this verse →
وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَٰلِحًا وَقَالَ إِنَّنِى مِنَ ٱلْمُسْلِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද “අල්ලාහ් වෙත ඇරයුම් කොට දැහැමි දෑ සිදු කොට නියත වශයෙන් ම මම අවනත වන්නන් අතරින් වෙමි” යැයි පවසන අයට වඩා කතාවෙන් වඩාත් අලංකාර වනුයේ කවරෙකු ද?
See all translations of this verse →
وَلَا تَسْتَوِى ٱلْحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُ ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ فَإِذَا ٱلَّذِى بَيْنَكَ وَبَيْنَهُۥ عَدَٰوَةٌ كَأَنَّهُۥ وَلِىٌّ حَمِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද යහපත හා අයහපත සමාන නො වෙයි. වඩාත් අලංකාර දැයින් (අයහපත) වළක්වනු. එවිට ඔබ අතර හා ඔහු අතර සතුරුකමක් තිබුණ අය සමීප මිතුරෙකු මෙන් පත්වනු ඇත.
See all translations of this verse →
وَمَا يُلَقَّىٰهَآ إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَمَا يُلَقَّىٰهَآ إِلَّا ذُو حَظٍّ عَظِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඉවසිලිවන්ත වූවන්ට හැර එය පිරිනමනු නො ලැබේ. තවද මහත් භාග්‍යයක් හිමි අයට හැර එය පිරිනමනු නො ලැබේ.
See all translations of this verse →
وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيْطَٰنِ نَزْغٌ فَٱسْتَعِذْ بِٱللَّهِ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ෂෙයිතාන්ගෙන් වූ යම් පොළඹවීමක් ඔබව පොළඹවීමට ලක් කළේ නම් එවිට ඔබ අල්ලාහ් වෙතින් ආරක්ෂාව පතනු. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව ඥානී.
See all translations of this verse →
وَمِنْ ءَايَٰتِهِ ٱلَّيْلُ وَٱلنَّهَارُ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ لَا تَسْجُدُوا۟ لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَٱسْجُدُوا۟ لِلَّهِ ٱلَّذِى خَلَقَهُنَّ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහුගේ සංඥා අතරිනි. නුඹලා හිරුට හෝ සඳුට (හිස පහත් කරමින්) සුජූද් නො කරනු. තවද නුඹලා ඔහුට (අල්ලාහ්ට) පමණක් නැමදුම් කරමින් සිටියෙහු නම් ඒවා මැවූ අල්ලාහ්ට පමණක් (හිස පහත් කරමින්) සුජූද් කරනු.
See all translations of this verse →
فَإِنِ ٱسْتَكْبَرُوا۟ فَٱلَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُۥ بِٱلَّيْلِ وَٱلنَّهَارِ وَهُمْ لَا يَسْـَٔمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුහු උඩඟු වූයෙහු නම් (දැන ගනු!) ඔබේ පරමාධිපති අබියස සිටින්නවුන් රාත්‍රියේ හා දහවලේ ඔහු පිවිතුරු කරති. තවද ඔවුහු විඩාවට පත් නො වෙති.
See all translations of this verse →
وَمِنْ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلْأَرْضَ خَٰشِعَةً فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ إِنَّ ٱلَّذِىٓ أَحْيَاهَا لَمُحْىِ ٱلْمَوْتَىٰٓ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මුඩු ලෙස ඔබ දකින මහපොළොව ද ඔහුගේ සංඥා අතරිනි. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩෙයි. නියත වශයෙන් ම ඒවාට ජීවය දුන් අය මළවුන්ට ද ජීවය දෙන්නාම ය. නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ يُلْحِدُونَ فِىٓ ءَايَٰتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَآ أَفَمَن يُلْقَىٰ فِى ٱلنَّارِ خَيْرٌ أَم مَّن يَأْتِىٓ ءَامِنًا يَوْمَ ٱلْقِيَٰمَةِ ٱعْمَلُوا۟ مَا شِئْتُمْ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපගේ වදන්වල විකෘති කරන්නන් අප වෙතින් සැඟව යන්නන් නො වෙති. වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ (නිරා) ගින්නට හෙළනු ලබන්නා ද එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුරක්ෂිතව පැමිණෙන්නා ද? නුඹලා කැමති දේ කරනු. නියත වශයෙන් ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِٱلذِّكْرِ لَمَّا جَآءَهُمْ وَإِنَّهُۥ لَكِتَٰبٌ عَزِيزٌ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුන් වෙත අනුශාසනාව පැමිණි කල්හි එය ප්‍රතික්ෂේප කළවුන් ද (මතු ලොවෙහි දඬුවම් කරනු ලබන්නෝ වෙති.) තවද නියත වශයෙන් ම එය අතිබලගතු ග්‍රන්ථයකි.
See all translations of this verse →
لَّا يَأْتِيهِ ٱلْبَٰطِلُ مِنۢ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِۦ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑය (අනුශාසනා සහිත ග්‍රන්ථය)ට ඉදිරියෙන් හෝ එයට පසුපසින් හෝ අසත්‍ය දෑ ඒ වෙත නො පැමිණෙනු ඇත. එය මහා ප්‍රඥාවන්ත ප්‍රශංසා ලාභියාගෙන් වූ පහළ කිරීමකි.
See all translations of this verse →
مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِن قَبْلِكَ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ وَذُو عِقَابٍ أَلِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹට පෙර සිටි ධර්ම දූතවරුන්ට පවසනු ලැබූ දෑ මිස (වෙනෙකක්) ඔබ වෙත පවසනු නො ලැබෙයි. නියත වශයෙන් ම ඔබේ පරමාධිපති සමාව දෙන්නා ය. වේදනීය දඬුවම දෙන්නා ය.
See all translations of this verse →
وَلَوْ جَعَلْنَٰهُ قُرْءَانًا أَعْجَمِيًّا لَّقَالُوا۟ لَوْلَا فُصِّلَتْ ءَايَٰتُهُۥٓ ءَا۬عْجَمِىٌّ وَعَرَبِىٌّ قُلْ هُوَ لِلَّذِينَ ءَامَنُوا۟ هُدًى وَشِفَآءٌ وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ فِىٓ ءَاذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًى أُو۟لَٰٓئِكَ يُنَادَوْنَ مِن مَّكَانٍۭ بَعِيدٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද එය අරාබි නො වන (පිටස්තර භාෂාවෙන් යුත්) කුර්ආනයක් බවට අපි පත් කළේ නම්, “එහි වදන් විස්තර කරනු ලැබිය යුතු නො වේ ද? (නබිවරයා) අරාබිවරයෙකු ලෙස සිටිය දී එය අරාබි නො වන්නක් ද? යැයි ඔවුහු විමසනු ඇත. “එය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුවයකි. තවද විශ්වාස නො කරන්නන් වන ඔවුන්ගේ කන් තුළ බිහිරි භාවය ඇත. එමෙන් ම එය (කුර්ආනය) ඔවුන් වෙත අන්ධ භාවයක් මෙන් පෙනේ. දූර ස්ථානයකින් ඇරයුම් කරනු ලබන්නෝ ඔවුහු ම ය.”යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ فَٱخْتُلِفَ فِيهِ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ وَإِنَّهُمْ لَفِى شَكٍّ مِّنْهُ مُرِيبٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එවිට එහි මතභේද ඇති විය. ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් පෙරටු නො වී නම්, ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම ඔවුන් ඒ (කුර්ආනය) ගැන කුතුහලයක් ඇති කරන සැකයෙහි සිටින්නන් වෙති.
See all translations of this verse →
مَّنْ عَمِلَ صَٰلِحًا فَلِنَفْسِهِۦ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا وَمَا رَبُّكَ بِظَلَّٰمٍ لِّلْعَبِيدِ
Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නපුරක් කළේ ද එය ඔහුට එරෙහිව ම ය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වේ.
See all translations of this verse →
إِلَيْهِ يُرَدُّ عِلْمُ ٱلسَّاعَةِ وَمَا تَخْرُجُ مِن ثَمَرَٰتٍ مِّنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَآءِى قَالُوٓا۟ ءَاذَنَّٰكَ مَا مِنَّا مِن شَهِيدٍ
Sinhalese Translation - Rowwad Translation Centerඅවසන් හෝරාව පිළිබඳ දැනුම යොමු කරනු ලබනුයේ (අල්ලාහ් වන) ඔහු වෙත ම ය. ඔහුගේ දැනුමෙන් තොරව පලතුරු කිසිවක් එහි කෝෂවලින් පිට නො වෙයි. තවද කිසිදු කාන්තාවක් පිළිසිඳ නො ගනියි. එමෙන් ම ඇය ප්‍රසූත නො කරයි. “මට ආදේශ කළවුන් කොහේ දැ? යි” එදින අල්ලාහ් ඔවුන් අමතයි. (එවිට) “අපහට කිසිදු සාක්ෂිකරුවෙකු නැතැයි” ඔවුහු පවසා සිටිති.
See all translations of this verse →
وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَدْعُونَ مِن قَبْلُ وَظَنُّوا۟ مَا لَهُم مِّن مَّحِيصٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මීට පෙර ඔවුන් ඇරයුම් කරමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යනු ඇත. තමන්හට පලායන කිසිදු ස්ථානයක් නැතැයි ඔවුහු වටහා ගන්නෝ ය.
See all translations of this verse →
لَّا يَسْـَٔمُ ٱلْإِنسَٰنُ مِن دُعَآءِ ٱلْخَيْرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَـُٔوسٌ قَنُوطٌ
Sinhalese Translation - Rowwad Translation Centerයහපත පැතීමෙන් මිනිසා වෙහෙසට පත් නො වෙයි. තවද ඔහුට නපුර වැළඳුණු විට බලාපොරොත්තු සුන් කර ගනිමින් නිරායාසයට පත් වනු ඇත.
See all translations of this verse →
وَلَئِنْ أَذَقْنَٰهُ رَحْمَةً مِّنَّا مِنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَٰذَا لِى وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةً وَلَئِن رُّجِعْتُ إِلَىٰ رَبِّىٓ إِنَّ لِى عِندَهُۥ لَلْحُسْنَىٰ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِمَا عَمِلُوا۟ وَلَنُذِيقَنَّهُم مِّنْ عَذَابٍ غَلِيظٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුට වැළඳුණු පීඩිත තත්ත්වයෙන් පසුව අපගෙන් වූ ආශිර්වාදයක් අපි ඔහුට විඳින්නට සැලැස්වූයේ නම් “මෙය මාගේ ය. අවසන් හෝරාව සිදු වන්නක් බව මම නො සිතමි. මාගේ පරමාධිපති වෙත මම යොමු කරනු ලැබුවේ නම් නියත වශයෙන් ම ඔහු අබියස මට යහපත ඇතැ”යි ඔහු පවසනු ඇත. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන් සිදු කළ දෑ නියත වශයෙන් ම අපි දන්වන්නෙමු. තවද දැඩි දඬුවමක් භුක්ති විඳින්නට අපි ඔවුනට සලස්වමු.
See all translations of this verse →
وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَٰنِ أَعْرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි මිනිසාට ආශිර්වාද කළ විට ඔහු එය පිටුපා වෙනත් දෙසකට හැරී (දුරස් වී) යයි. තවද ඔහුට නපුර ස්පර්ශ වූ විට ඔහු අධික ලෙස ප්‍රාර්ථනා කරන අයෙකු වෙයි.
See all translations of this verse →
قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرْتُم بِهِۦ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِى شِقَاقٍۭ بَعِيدٍ
Sinhalese Translation - Rowwad Translation Center“එය (අල් කුර්ආනය) අල්ලාහ් වෙතින් වී පසුව නුඹලා එය ප්‍රතික්ෂේප කළෙහු නම්, අන්ත භේදවල සිටින අයෙකුට වඩා නොමග ගියවුන් කවුරුන් දැ”යි නුඹලා මට දන්වා සිටිනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
سَنُرِيهِمْ ءَايَٰتِنَا فِى ٱلْـَٔافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම (අල් කුර්ආනය වන) එය සත්‍යය බව ඔවුනට පැහැදිලි වන තෙක් ක්ෂිතිජය තුළ හා ඔවුන් තුළ අපගේ සාධක ඔවුනට අපි මතු පෙන්වන්නෙමු. නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය යන්න නුඹේ පරමාධිපති ප්‍රමාණවත් නො වී ද?
See all translations of this verse →
أَلَآ إِنَّهُمْ فِى مِرْيَةٍ مِّن لِّقَآءِ رَبِّهِمْ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ مُّحِيطٌۢ
Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) දැන ගනු! නියත වශයෙන් ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව පිළිබඳ සැකයෙහි ය. දැන ගනු! නියත වශයෙන් ම ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නා ය.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→