caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Ar-Room الروم

වාක්‍ය 60 · මක්කා · revelation order 84

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ

Sinhalese Translation - Rowwad Translation Centerඅලිෆ්, ලාම්, මීම්.[1]

See all translations of this verse →

غُلِبَتِ ٱلرُّومُ

Sinhalese Translation - Rowwad Translation Centerරෝමය පරාජයට පත් කරනු ලැබී ය.

See all translations of this verse →

فِىٓ أَدْنَى ٱلْأَرْضِ وَهُم مِّنۢ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerරෝම රාජ්‍යය (අසල පිහිටි) පහත් භූමියෙහි ඔවුන් පරාජයට පත් කරනු ලැබුවායින් පසු ඔවුන් (නැවත) මතු ජයග්‍රහණය කරනු ඇත.

See all translations of this verse →

فِى بِضْعِ سِنِينَ لِلَّهِ ٱلْأَمْرُ مِن قَبْلُ وَمِنۢ بَعْدُ وَيَوْمَئِذٍ يَفْرَحُ ٱلْمُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Center(එය) වසර කිහිපයක් තුළ වේ. පෙර හා පසු සියලු බලය අල්ලාහ් සතු ය. තවද එදින දේවත්වය විශ්වාස කරන්නෝ සතුටු වෙති.

See all translations of this verse →

بِنَصْرِ ٱللَّهِ يَنصُرُ مَن يَشَآءُ وَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ උදව්ව මඟින් (ඔවුහු සතුටු වෙති). ඔහු අභිමත කරන අයට උදව් කරයි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා කරුණාවන්ත ය.

See all translations of this verse →

وَعْدَ ٱللَّهِ لَا يُخْلِفُ ٱللَّهُ وَعْدَهُۥ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (රෝම ආක්‍රමණය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවයි. අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව කඩ නො කරයි. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති.

See all translations of this verse →

يَعْلَمُونَ ظَٰهِرًا مِّنَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ عَنِ ٱلْـَٔاخِرَةِ هُمْ غَٰفِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙලොව ජීවිතයේ මතුපිටින් වූ දෑ ඔවුහු දනිති. එහෙත් මතු ලොව පිළිබඳව ඔවුහු අනවධානීන් ලෙස ම සිටිති.

See all translations of this verse →

أَوَلَمْ يَتَفَكَّرُوا۟ فِىٓ أَنفُسِهِم مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍ مُّسَمًّى وَإِنَّ كَثِيرًا مِّنَ ٱلنَّاسِ بِلِقَآئِ رَبِّهِمْ لَكَٰفِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු තමන් ගැන කල්පනා නො කළෝ ද? අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද යුක්තියෙන් හා නියමිත කාල නිර්ණයකට අනුව මිස අල්ලාහ් මැව්වේ නැත. තවද ජනයා අතරින් බහුතරයක් දෙනා ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.

See all translations of this verse →

أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ كَانُوٓا۟ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا۟ ٱلْأَرْضَ وَعَمَرُوهَآ أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු නො බැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා ශක්තියෙන් බලවත් වූවෝ ය. ඔවුන් මහපොළොවේ අස්වද්දා, මොවුන් පාලනය කළ දෑට වඩා බලවත් ලෙස ඔවුහු එය පරිපාලනය කළෝ ය. තවද ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරු පැහැදිලි සාධක සමඟ පැමිණියහ. ඔවුනට අපරාධ කිරීමට අල්ලාහ්ට නො වීය. එනමුත් ඔවුහු ඔවුනට ම අපරාධ කරගන්නන් වූවෝ ය.

See all translations of this verse →

ثُمَّ كَانَ عَٰقِبَةَ ٱلَّذِينَ أَسَٰٓـُٔوا۟ ٱلسُّوٓأَىٰٓ أَن كَذَّبُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ وَكَانُوا۟ بِهَا يَسْتَهْزِءُونَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔවුන් අල්ලාහ්ගේ වදන් බොරු කළ බැවින් ද ඒවා පිළිබඳ ඔවුන් සරදම් කරමින් සිටි බැවින් ද (එවන්) නපුරුකම් කළවුන්ගේ අවසානය නපුරු විය.

See all translations of this verse →

ٱللَّهُ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් මැවීම් පළමු වතාවට උත්පාදනය කරයි. පසුව එය නැවත නිර්මාණය කරයි. පසුව ඔහු වෙතට මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.

See all translations of this verse →

وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يُبْلِسُ ٱلْمُجْرِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එම (විනිශ්චය) කාලය සිදු වන දිනයේ දී වැරදිකරුවෝ බලාපොරොත්තු සුන් කර ගනිති.

See all translations of this verse →

وَلَمْ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمْ شُفَعَٰٓؤُا۟ وَكَانُوا۟ بِشُرَكَآئِهِمْ كَٰفِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ හවුල්කරුවන් අතරින් ඔවුන් වෙනුවෙන් මැදිහත්වන්නෝ ඔවුනට නො වීය. තවද ඔවුහු ඔවුන්ගේ හවුල්කරුවන් ප්‍රතික්ෂේප කරන්නන් වෙති.

See all translations of this verse →

وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එම (විනිශ්චය) කාලය සිදු වන දින ඔවුහු වෙන් වෙන්ව යති.

See all translations of this verse →

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَهُمْ فِى رَوْضَةٍ يُحْبَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් කවුරුන් දේවත්වය විශ්වාසය කොට යහකම් කළ අය වූ කලී ඔවුහු (ස්වර්ග) උයනෙහි සතුටු කරවනු ලබති.

See all translations of this verse →

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَلِقَآئِ ٱلْـَٔاخِرَةِ فَأُو۟لَٰٓئِكَ فِى ٱلْعَذَابِ مُحْضَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් හා මතු ලොව හමුව බොරු කළ අය වූ කලී ඔවුහු මය දඬුවම් දීමට ගෙන එනු ලබන්නෝ.

See all translations of this verse →

فَسُبْحَٰنَ ٱللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් සුවිශුද්ධය. නුඹලා සවස් කාලයට එළැඹෙන විටත් නුඹලා උදෑසන පිබිදෙන විටත් ඔහු සුවිශුද්ධ කරනු.

See all translations of this verse →

وَلَهُ ٱلْحَمْدُ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි හා මහපොළොවෙහි සියලු ප්‍රශංසා ඔහු සතු ය. තවද සන්ධ්‍යා කාලයේ හා නුඹලා මධ්‍යාහ්න කාලයට එළැඹෙන විටත් (සුවිශුද්ධ කරනු).

See all translations of this verse →

يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَيُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا وَكَذَٰلِكَ تُخْرَجُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු මළ දැයින් ජීවී දෑ හෙළි කරයි. තවද ජීවී දැයින් මළ දෑ හෙළි කරයි. මහපොළොවට, එය මිය ගිය පසුව ඔහු යළි ජීවය දෙයි. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.

See all translations of this verse →

وَمِنْ ءَايَٰتِهِۦٓ أَنْ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ إِذَآ أَنتُم بَشَرٌ تَنتَشِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා පසින් මැවීම, පසුව නුඹලා (මහපොළොවේ) මිනිසුන් ලෙසින් විසිර සිටීම ඔහුගේ සංඥා අතරිනි.

See all translations of this verse →

وَمِنْ ءَايَٰتِهِۦٓ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًا لِّتَسْكُنُوٓا۟ إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා ඇය සමඟ වාසය කර (සැනසුම ලබ)නු පිණිස නුඹලා තුළින් ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේ ය. නියත වශයෙන් ම එහි සිතන ජනයාට සංඥා ඇත.

See all translations of this verse →

وَمِنْ ءَايَٰتِهِۦ خَلْقُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَٰفُ أَلْسِنَتِكُمْ وَأَلْوَٰنِكُمْ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّلْعَٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර්ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන් ම එහි දැනුමැත්තන්හට සංඥා ඇත.

See all translations of this verse →

وَمِنْ ءَايَٰتِهِۦ مَنَامُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ وَٱبْتِغَآؤُكُم مِّن فَضْلِهِۦٓ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّقَوْمٍ يَسْمَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද රාත්‍රියේ හා දහවලේ නුඹලාගේ නින්ද ද ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා (සම්පත්) සෙවීමද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන් ම සවන් දෙන ජනයාට එහි සංඥා ඇත.

See all translations of this verse →

وَمِنْ ءَايَٰتِهِۦ يُرِيكُمُ ٱلْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءً فَيُحْىِۦ بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද භීතිය හා බලාපොරොත්තු තබන්නක් වශයෙන් ඔහු නුඹලාට අකුණු සැර පෙන්වීමත් අහසින් ජලය පහළ කොට එමඟින් මහපොළොව එය මළ පසුව යළි ජීවමාන කිරීමත් ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන් ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත.

See all translations of this verse →

وَمِنْ ءَايَٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ بِأَمْرِهِۦ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِّنَ ٱلْأَرْضِ إِذَآ أَنتُمْ تَخْرُجُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස හා මහපොළොව ඔහුගේ නියෝගය අනුව ක්‍රියාත්මක වීමත් ඔහුගේ සංඥා අතරිනි. පසුව නුඹලාව එක් ඇරයුමකින් ඔහු ඇරයුම් කරන විට මහපොළොවෙන් නුඹලා බැහැර වන්නෙහු ය.

See all translations of this verse →

وَلَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ كُلٌّ لَّهُۥ قَٰنِتُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස්හි හා මහපොළොවේ ඇති අය ඔහු සතු ය. සියල්ල ඔහුට අවනත වන්නෝ වෙති.

See all translations of this verse →

وَهُوَ ٱلَّذِى يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهْوَنُ عَلَيْهِ وَلَهُ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මැවීම ප්‍රථමෝත්පාදනය කර පසුව එය ප්‍රතිඋත්පාදනය කරනුයේ ඔහු ය. එය ඔහුට සරල කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

ضَرَبَ لَكُم مَّثَلًا مِّنْ أَنفُسِكُمْ هَل لَّكُم مِّن مَّا مَلَكَتْ أَيْمَٰنُكُم مِّن شُرَكَآءَ فِى مَا رَزَقْنَٰكُمْ فَأَنتُمْ فِيهِ سَوَآءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنفُسَكُمْ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْـَٔايَٰتِ لِقَوْمٍ يَعْقِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අතරින් ම නුඹලාට උපමාවක් ඔහු ගෙන හැර පෙන්වී ය. අපි නුඹලාට පෝෂණය කළ දෑහි හවුල්කරුවන් කිසිවෙකු හෝ නුඹලාගේ දකුණත් හිමිකරගත් අය අතරින් නුඹලාට වෙත් ද? නුඹලා එහි සමාන ද? නුඹලා අතර නුඹලා බියවන්නාක් මෙන් නුඹලා ඔවුනට ද බියවන්නෙහු ද? වටහා ගන්නා ජනයාට එම වදන් අපි පැහැදිලි කරනුයේ එලෙස ය.

See all translations of this verse →

بَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَهْوَآءَهُم بِغَيْرِ عِلْمٍ فَمَن يَهْدِى مَنْ أَضَلَّ ٱللَّهُ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොරව ඔවුන්ගේ ආශාවන් පිළිපැද්දෝ ය. එහෙයින් කවරෙකු අල්ලාහ් නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වනුයේ කවු ද? තවද ඔවුනට උදව්කරුවන් කිසිවෙකු හෝ නොමැත.

See all translations of this verse →

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَتَ ٱللَّهِ ٱلَّتِى فَطَرَ ٱلنَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ ٱللَّهِ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංකව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ නිර්මාණයේ කිසිදු වෙනස්කිරීමක් නොමැත. එය ඍජු ධර්මයයි. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නො දනිති.

See all translations of this verse →

مُنِيبِينَ إِلَيْهِ وَٱتَّقُوهُ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُشْرِكِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු වෙත නැඹුරුවන්නන් ලෙසින් (ස්ථාපිත කරනු.) තවද නුඹලා ඔහුට බැතිමත් වනු. තවද සලාතය විධිමත්ව ඉටු කරනු. තවද නුඹලා ආදේශ කරන්නන් අතරින් නො වනු.

See all translations of this verse →

مِنَ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًا كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ

Sinhalese Translation - Rowwad Translation Center(එම ආදේශ කරන්නන් වන) ඔවුහු තම දහම වෙන්කර ගත් අය අතරිනි. තවද ඔවුහු කණ්ඩායම් බවට පත් වූහ. සෑම කණ්ඩායමක්ම ඔවුන් සතුව ඇති දැයින් සතුටුවන්නෝ ය.

See all translations of this verse →

وَإِذَا مَسَّ ٱلنَّاسَ ضُرٌّ دَعَوْا۟ رَبَّهُم مُّنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَآ أَذَاقَهُم مِّنْهُ رَحْمَةً إِذَا فَرِيقٌ مِّنْهُم بِرَبِّهِمْ يُشْرِكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මිනිසුන්ට කුමක් හෝ විපතක් සිදු වූ විට ඔවුන්ගේ පරමාධිපති වෙත යොමුවන්නන් ලෙසින් ඔවුහු ඔහුට කන්නලව් කරති. පසුව එයින් ආශිර්වාදය විඳින්නට සැලැස්වූ විට ඔවුන් අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට සමානයන් තබති.

See all translations of this verse →

لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَٰهُمْ فَتَمَتَّعُوا۟ فَسَوْفَ تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Center(එසේ සිදු කරනුයේ) ඔවුනට අපි පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔවුන් ගුණමකු වනු පිණිස ය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. එවිට නුඹලා මතු දැන ගනු ඇත.

See all translations of this verse →

أَمْ أَنزَلْنَا عَلَيْهِمْ سُلْطَٰنًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا۟ بِهِۦ يُشْرِكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔවුන් කවර දෙයක් මත ආදේශ කරමින් සිටියේ ද ඒ ගැන කතා කරන සාධකයක් ඔවුන් වෙත අපි පහළ කළෙමු ද?

See all translations of this verse →

وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةً فَرِحُوا۟ بِهَا وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ජනයාට ආශිර්වාදය විඳින්නට සැලැස්වූ විට ඔවුහු එමඟින් සතුටු වෙති. එහෙත් ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඔවුනට අත්වූයේ නම් එවිට ඔවුහු බලාපොරොත්තු සුන් කර ගනිති.

See all translations of this verse →

أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් (ඇතැමුන්ට) සීමා කර දෙන බවත් ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත.

See all translations of this verse →

فَـَٔاتِ ذَا ٱلْقُرْبَىٰ حَقَّهُۥ وَٱلْمِسْكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ ذَٰلِكَ خَيْرٌ لِّلَّذِينَ يُرِيدُونَ وَجْهَ ٱللَّهِ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඥාතී වූ අයට ඔහුගේ උරුමය දෙනු. තවද දුප්පතාට ද තවද මගියාට ද (දෙනු.) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන්හට එය උතුම් ය. තවද ඔවුහු මය ජයග්‍රාහකයෝ.

See all translations of this verse →

وَمَآ ءَاتَيْتُم مِّن رِّبًا لِّيَرْبُوَا۟ فِىٓ أَمْوَٰلِ ٱلنَّاسِ فَلَا يَرْبُوا۟ عِندَ ٱللَّهِ وَمَآ ءَاتَيْتُم مِّن زَكَوٰةٍ تُرِيدُونَ وَجْهَ ٱللَّهِ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُضْعِفُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ජනයාගේ වස්තුවෙන් වැඩෙනු පිණිස නුඹලා දෙන පොළිය අල්ලාහ් අභියස වර්ධනය වන්නේ නැත. එහෙත් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවර පරිත්‍යාගයක් නුඹලා දුන්නේ ද එසේ දුන් ඔවුහු මය ගුණ කරනු ලබන්නෝ.

See all translations of this verse →

ٱللَّهُ ٱلَّذِى خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَفْعَلُ مِن ذَٰلِكُم مِّن شَىْءٍ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් වන ඔහු නුඹලාව මැව්වේ ය. නුඹලාට පෝෂණය දුන්නේ ය. පසුව ඔහු නුඹලා මරණයට පත් කරන්නේ ය. පසුව නුඹලාට ජීවය දෙන්නේ ය. මේවායින් කිසිවක් හෝ සිදු කරන නුඹලාගේ හවුල්කරුවන් කිසිවෙකු හෝ වෙත් ද? ඔහු සුපිවිතුර ය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර විය.

See all translations of this verse →

ظَهَرَ ٱلْفَسَادُ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِى ٱلنَّاسِ لِيُذِيقَهُم بَعْضَ ٱلَّذِى عَمِلُوا۟ لَعَلَّهُمْ يَرْجِعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerමිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්‍යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිස ය.

See all translations of this verse →

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلُ كَانَ أَكْثَرُهُم مُّشْرِكِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොවේ නුඹලා ගමන් කර මීට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අධීක්ෂණයෙන් බලනු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ආදේශකයින් වූහ යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ ٱلْقَيِّمِ مِن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ يَوْمَئِذٍ يَصَّدَّعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් එය වැළැක්විය නොහැකි දිනයක් අල්ලාහ් වෙතින් පැමිණීමට පෙර ඍජු පිළිවෙත වෙත ඔබේ මුහුණ ස්ථාපිත කරනු. එදින ඔවුහු වෙන් වෙන්ව විසිර යති.

See all translations of this verse →

مَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُۥ وَمَنْ عَمِلَ صَٰلِحًا فَلِأَنفُسِهِمْ يَمْهَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුට ම එරෙහිව ය. තවද කවරෙකු දැහැමි දෑ සිදු කළේ ද එවිට එය ඔවුන් වෙනුවෙන් ම ඔවුහු සැලසුම් කර ගනිති.

See all translations of this verse →

لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ مِن فَضْلِهِۦٓ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْكَٰفِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerවිශ්වාස කොට යහකම් සිදු කළවුනට ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිස ය. නියත වශයෙන් ම ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ප්‍රිය නො කරයි.

See all translations of this verse →

وَمِنْ ءَايَٰتِهِۦٓ أَن يُرْسِلَ ٱلرِّيَاحَ مُبَشِّرَٰتٍ وَلِيُذِيقَكُم مِّن رَّحْمَتِهِۦ وَلِتَجْرِىَ ٱلْفُلْكُ بِأَمْرِهِۦ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුගේ කරුණාවෙන් නුඹලා විඳින්නට සලස්වනු පිණිසත් ඔහුගේ නියෝගයෙන් නැව් ගමන් කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් නුඹලා (වස්තූන්) සොයනු පිණිසත් එමෙන් ම නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් (වර්ෂාවට පෙර) ශුභාරංචි වශයෙන් ඔහු සුළඟ එවීම ඔහුගේ සංඥා අතරිනි.

See all translations of this verse →

وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَآءُوهُم بِٱلْبَيِّنَٰتِ فَٱنتَقَمْنَا مِنَ ٱلَّذِينَ أَجْرَمُوا۟ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ ٱلْمُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔබට පෙර ද ධර්ම දූතවරුන් ඔවුන්ගේ ජනයා වෙත සැබැවින් ම අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝ ය. පසුව (එය ඔවුහු නො පිළිගත් බැවින්) වැරදි කළවුන්ගෙන් අපි පළිගත්තෙමු. තවද දේවත්වය විශ්වාස කරන්නන්හට උපකාර කිරීම අප වෙත පැවරුණු වගකීමක් විය.

See all translations of this verse →

ٱللَّهُ ٱلَّذِى يُرْسِلُ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابًا فَيَبْسُطُهُۥ فِى ٱلسَّمَآءِ كَيْفَ يَشَآءُ وَيَجْعَلُهُۥ كِسَفًا فَتَرَى ٱلْوَدْقَ يَخْرُجُ مِنْ خِلَٰلِهِۦ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ إِذَا هُمْ يَسْتَبْشِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerසුළඟ එවනුයේ අල්ලාහ් ය. එවිට එය වලාකුළු නංවයි. එවිට ඔහු අභිමත කරන පරිදි අහසෙහි එය විසිරුවා හරියි. තවද එය කොටස් බවට පත් කරයි. එවිට ඒ අතරින් වර්ෂාව පිට වනු ඔබ දකිනු ඇත. එසේ එය ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය වෙත පතිත වූ විට ඔවුහු සතුටු වෙති.

See all translations of this verse →

وَإِن كَانُوا۟ مِن قَبْلِ أَن يُنَزَّلَ عَلَيْهِم مِّن قَبْلِهِۦ لَمُبْلِسِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මීට පෙර ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබීමට පෙර බලාපොරොත්තු සුන්වූවන් ලෙස සිටියහ.

See all translations of this verse →

فَٱنظُرْ إِلَىٰٓ ءَاثَٰرِ رَحْمَتِ ٱللَّهِ كَيْفَ يُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ إِنَّ ذَٰلِكَ لَمُحْىِ ٱلْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයේ සලකුණු දෙස ඔබ අධීක්ෂණයෙන් බලනු. පොළොව මළ පසුව එයට ඔහු ප්‍රාණය දෙනුයේ කෙසේ ද? නියත වශයෙන් ම ඔහු මළවුන්ට යළි ජීවය දෙන්නා ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.

See all translations of this verse →

وَلَئِنْ أَرْسَلْنَا رِيحًا فَرَأَوْهُ مُصْفَرًّا لَّظَلُّوا۟ مِنۢ بَعْدِهِۦ يَكْفُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි සුළඟ එවා ඔවුහු එය (අස්වැන්න) කහ පැහැගන්වන්නක් ලෙස දුටුව ද ඉන් පසු පවා ඔවුහු ප්‍රතික්ෂේප කරන්නට වූහ.

See all translations of this verse →

فَإِنَّكَ لَا تُسْمِعُ ٱلْمَوْتَىٰ وَلَا تُسْمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوْا۟ مُدْبِرِينَ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) එහෙයින් ඔබ මළවුන්ට සවන් දෙන්නට සැලැස්විය නොහැකි ය. තවද බිහිරන් පසුපස හැරී ගිය විට ද එම ඇරයුම සවන් දෙන්නට සැලැස්විය නොහැකි ය.

See all translations of this verse →

وَمَآ أَنتَ بِهَٰدِ ٱلْعُمْىِ عَن ضَلَٰلَتِهِمْ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسْلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අන්ධයින්ට ඔවුන්ගේ නොමග යෑමෙන් ඔබ මග පෙන්වන්නකු ලෙස නැත. අපගේ වදන් විශ්වාස කර අපට අවනත වූ අයට මිස ඔබ සවන් දෙන්නට සැලැස්විය නොහැකි ය.

See all translations of this verse →

ٱللَّهُ ٱلَّذِى خَلَقَكُم مِّن ضَعْفٍ ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً يَخْلُقُ مَا يَشَآءُ وَهُوَ ٱلْعَلِيمُ ٱلْقَدِيرُ

Sinhalese Translation - Rowwad Translation Centerදුබලත්වයේ සිට නුඹලාව මැව්වේ ඔහු ය. අනතුරුව දුබලත්වයෙන් පසුව ඔහු ශක්තිමත් භාවයට පත් කළේ ය. අනතුරුව ශක්තිමත් භාවයෙන් පසුව දුර්වලභාවයටත් කෙස් ඉඳී ගිය තත්ත්වයටත් ඔහු පත් කළේ ය. ඔහු සර්ව ඥානී ය; සර්ව බලසම්පන්න ය.

See all translations of this verse →

وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يُقْسِمُ ٱلْمُجْرِمُونَ مَا لَبِثُوا۟ غَيْرَ سَاعَةٍ كَذَٰلِكَ كَانُوا۟ يُؤْفَكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අවසන් හෝරාව සිදු වන දින වැරදිකරුවෝ තමන් මොහොතක් මිස රැඳී නො සිටි බවට දිවුරා සිටිති. එලෙසය, ඔවුහු වෙනතකට යොමු කරනු ලබමින් සිටියේ.

See all translations of this verse →

وَقَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ وَٱلْإِيمَٰنَ لَقَدْ لَبِثْتُمْ فِى كِتَٰبِ ٱللَّهِ إِلَىٰ يَوْمِ ٱلْبَعْثِ فَهَٰذَا يَوْمُ ٱلْبَعْثِ وَلَٰكِنَّكُمْ كُنتُمْ لَا تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නැවත නැගිටුවනු ලබන දිනය දක්වා අල්ලාහ්ගේ ලේඛනයෙහි ඇති පරිදි නුඹලා රැඳී සිටියෙහු ය. නැවත නැගිටුවනු ලබන දිනය මෙයයි. එනමුත් නුඹලා එය දැන සිටියේ නැත යැයි ඥානය හා විශ්වාසය දෙනු ලැබූවෝ පැවසූහ.

See all translations of this verse →

فَيَوْمَئِذٍ لَّا يَنفَعُ ٱلَّذِينَ ظَلَمُوا۟ مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම ප්‍රයෝජනවත් නො වනු ඇත. තවද ඔවුහු (අල්ලාහ්ගේ තෘප්තිය වෙත) නැවත හැරී එන මෙන් ඉල්ලා සිටිනු නො ලබති.

See all translations of this verse →

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِى هَٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍ وَلَئِن جِئْتَهُم بِـَٔايَةٍ لَّيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ أَنتُمْ إِلَّا مُبْطِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි මෙම අල් කුර්ආනයේ සෑම උපමාවකින් ම ජනයාට උපමා ගෙන හැර පෑවෙමු. ඔවුන් වෙත නුඹ යම් සංඥාවක් ගෙන ආ විට නුඹලා අසත්‍යවාදීහු මිස නැතැයි ප්‍රතික්ෂේප කළවුන් නියත වශයෙන් ම පවසනු ඇත.

See all translations of this verse →

كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلَّذِينَ لَا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerවටහා නො ගන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙස ය.

See all translations of this verse →

فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَلَا يَسْتَخِفَّنَّكَ ٱلَّذِينَ لَا يُوقِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (නබිවරය!) නුඹ ඉවසා සිටිනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද විශ්වාස නො කරන්නන් ඔබව සුළු කොට නොතැකිය යුතු ය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70