caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Yusuf يوسف

වාක්‍ය 111 · මක්කා · revelation order 53

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ

Sinhalese Translation - Rowwad Translation Centerඅලිෆ්, ලාම්, රා.[1] එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන් ය.

See all translations of this verse →

إِنَّآ أَنزَلْنَٰهُ قُرْءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා වටහා ගත හැකි වනු පිණිස නියත වශයෙන් ම අපි එය අරාබි බසින් පාරායනය කරන්නක් බවට පහළ කළෙමු.

See all translations of this verse →

نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ ٱلْقَصَصِ بِمَآ أَوْحَيْنَآ إِلَيْكَ هَٰذَا ٱلْقُرْءَانَ وَإِن كُنتَ مِن قَبْلِهِۦ لَمِنَ ٱلْغَٰفِلِينَ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) අපි නුඹ වෙත හෙළිදරව් කළ දැයින් වඩාත් අලංකාර කතා අපි නුඹට කියවා පෙන්වන්නෙමු. තවද නුඹ මීට පෙර (ඒවා ගැන) නොදැනුවත් අය අතරින් සිටිය ද.

See all translations of this verse →

إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَٰٓأَبَتِ إِنِّى رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ رَأَيْتُهُمْ لِى سَٰجِدِينَ

Sinhalese Translation - Rowwad Translation Centerයූසුෆ් තම පියාණන්ට ‘මාගේ පියතුමනි! නියත වශයෙන් ම මම ග්‍රහ තාරකා එකොළහක් ද, හිරු හා සඳු ද දුටුවෙමි. ඒවා මට සුජූද් කරන්නාක් මෙන් ද මම දුටුවෙමි’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

قَالَ يَٰبُنَىَّ لَا تَقْصُصْ رُءْيَاكَ عَلَىٰٓ إِخْوَتِكَ فَيَكِيدُوا۟ لَكَ كَيْدًا إِنَّ ٱلشَّيْطَٰنَ لِلْإِنسَٰنِ عَدُوٌّ مُّبِينٌ

Sinhalese Translation - Rowwad Translation Center‘මාගේ පුතණුවනි! නුඹේ සිහිනයේ කතාව නුඹ නුඹගේ සහෝදරයින්ට නො කියනු. එවිට ඔවුහු යම් කුමන්ත්‍රණයකින් නුඹට කුමන්ත්‍රණය කරනු ඇත. නියත වශයෙන් ම ෂයිතාන් මිනිස් වර්ගයාට පැහැදිලි සතුරෙකි.’ යැයි ඔහු කීවේ ය.

See all translations of this verse →

وَكَذَٰلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكَ وَعَلَىٰٓ ءَالِ يَعْقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيْكَ مِن قَبْلُ إِبْرَٰهِيمَ وَإِسْحَٰقَ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එලෙසය නුඹගේ පරමාධිපති නුඹව තෝරා ගෙන ඇත්තේ. තවද සිදු වීම්වල යථාර්ථය නුඹට ඔහු උගන්වනු ඇත. තවද මීට පෙර නුඹගේ පියවරුන් දෙපළ වන ඉබ්රාහීම් හා ඉස්හාක්ට ඔහු එය පූර්ණවත් කළාක් මෙන් නුඹ වෙතත් යඃකූබ්ගේ පරපුර වෙතත් එය පූර්ණවත් කරනු ඇත. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සර්ව ඥානී ය; සියුම් ඥානය ඇත්තා ය.

See all translations of this verse →

لَّقَدْ كَانَ فِى يُوسُفَ وَإِخْوَتِهِۦٓ ءَايَٰتٌ لِّلسَّآئِلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් විෂයෙහි විමසන්නන්හට සංඥාවන් තිබේ.

See all translations of this verse →

إِذْ قَالُوا۟ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِى ضَلَٰلٍ مُّبِينٍ

Sinhalese Translation - Rowwad Translation Center‘අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී පවා අපට වඩා අපගේ පියාණන් වෙත යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ප්‍රිය මනාප වී ඇත. නියත වශයෙන් ම අපගේ පියාණන් පැහැදිලි නොමගෙහි ය’ යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

ٱقْتُلُوا۟ يُوسُفَ أَوِ ٱطْرَحُوهُ أَرْضًا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا۟ مِنۢ بَعْدِهِۦ قَوْمًا صَٰلِحِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ පියාගේ තෘප්තිය නුඹලා වෙත පමණක් වනු පිණිස නුඹලා යූසුෆ්ව මරා දමනු. නැතහොත් යම් භූමි භාගයක (කොතනක හෝ) ඔහුව විසි කර දමනු. තවද ඔහුගෙන් පසුව දැහැමි පිරිසක් බවට නුඹලා වනු ඇත.

See all translations of this verse →

قَالَ قَآئِلٌ مِّنْهُمْ لَا تَقْتُلُوا۟ يُوسُفَ وَأَلْقُوهُ فِى غَيَٰبَتِ ٱلْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمْ فَٰعِلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් අතරින් කතා කරන්නෙකු මෙසේ පවසා සිටීයේ ය. ‘නුඹලා (යමක්) කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා යූසුෆ්ව මරා නො දමා නුඹලා ඔහුව (පාළු) ළිං අඳුරට හෙළනු. ඇතැම් නඩයන් ඔහුව අහුළා ගනු ඇත.’

See all translations of this verse →

قَالُوا۟ يَٰٓأَبَانَا مَا لَكَ لَا تَأْمَ۫نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَٰصِحُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ අපගේ පියාණනි! යූසුෆ් සම්බන්ධයෙන් ඔබ අපව විශ්වාස නො කර සිටීමට ඔබට කුමක් වී ද? නියත වශයෙන් ම අපි ඔහුට (යහපත) උපදෙස් දෙනන්නන් ම වෙමු’ යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

أَرْسِلْهُ مَعَنَا غَدًا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘ඔහු විනෝද වන්නටත් සෙල්ලම් කරන්නටත් හෙට දින අප සමඟ ඔහු එවනු. තවද නියත වශයෙන් ම අපි ඔහුව ආරක්ෂා කරන්නෝ වෙමු.’

See all translations of this verse →

قَالَ إِنِّى لَيَحْزُنُنِىٓ أَن تَذْهَبُوا۟ بِهِۦ وَأَخَافُ أَن يَأْكُلَهُ ٱلذِّئْبُ وَأَنتُمْ عَنْهُ غَٰفِلُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘නුඹලා ඔහු කැටුවාගෙන යෑම නියත වශයෙන් ම මා දුකට පත් කරනු ඇත. තවද නුඹලා ඔහු ගැන නො සැලකිල්ලෙන් සිටිය දී වෘකයා ඔහුව කා දමනු ඇතැයි මම බිය වෙමි’ යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

قَالُوا۟ لَئِنْ أَكَلَهُ ٱلذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّآ إِذًا لَّخَٰسِرُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘අපි (ශක්තිමත්) කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහුව කා දැමුවේ නම් නියත වශයෙන් ම අපි එවිට අලාභවන්තයෝ වෙමු, යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

فَلَمَّا ذَهَبُوا۟ بِهِۦ وَأَجْمَعُوٓا۟ أَن يَجْعَلُوهُ فِى غَيَٰبَتِ ٱلْجُبِّ وَأَوْحَيْنَآ إِلَيْهِ لَتُنَبِّئَنَّهُم بِأَمْرِهِمْ هَٰذَا وَهُمْ لَا يَشْعُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු ඔහුව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහුව ළිං අඳුරෙහි තබන්නට එක් වූහ. තවද නියත වශයෙන් ම ඔවුන් නොදැන සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු.

See all translations of this verse →

وَجَآءُوٓ أَبَاهُمْ عِشَآءً يَبْكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු හඩා වැළපෙමින් අඳුරු සමයේ ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝ ය.

See all translations of this verse →

قَالُوا۟ يَٰٓأَبَانَآ إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِندَ مَتَٰعِنَا فَأَكَلَهُ ٱلذِّئْبُ وَمَآ أَنتَ بِمُؤْمِنٍ لَّنَا وَلَوْ كُنَّا صَٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘අපගේ පියාණනි! නියත වශයෙන් ම අපි ගොස් තරඟ වැදුනෙමු. අපගේ භාණ්ඩ සමඟ යූසුෆ්ව ද අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහුව කා දැමී ය. අපි සත්‍යවාදීන්ව සිටිය ද ඔබ අපව විශ්වාස කරන්නකු නො වනු ඇතැයි’ ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٍ كَذِبٍ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا فَصَبْرٌ جَمِيلٌ وَٱللَّهُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු ව්‍යාජ ලේ ඔහුගේ කමිසය මත තවරා ගෙන ආවෝය. (එවිට) නුඹලාගේ ආත්මාවන් නුඹලාට මෙය අලංකාරවත් කළේය. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමය. තවද අල්ලාහ් නුඹලා වර්ණනා කරන දෑ කෙරෙහි උදව් පතනු ලබන්නාය. (එහෙයින් මම ඔහුගෙන්ම උදව් පතමි.) යැයි ඔහු පැවසීය.

See all translations of this verse →

وَجَآءَتْ سَيَّارَةٌ فَأَرْسَلُوا۟ وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُۥ قَالَ يَٰبُشْرَىٰ هَٰذَا غُلَٰمٌ وَأَسَرُّوهُ بِضَٰعَةً وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (වෙළෙඳ) නඩයක් පැමිණියේ ය. ඔවුනට ජලය සපයන්නකුව ඔවුහු එවුහ. එවිට ඔහු ඔහුගේ පනිට්ටුව (ළිඳට) දැමුවේ ය. ‘අහෝ ශුභාරංචියකි. මෙන්න, දරුවෙකි’ යැයි ඔහු පැවසුවේ ය. තවද (ළිඳෙන් පිටත ගත්) ඔවුහු වෙළඳ භාණ්ඩයක් ලෙසින් ඔහුව ද සඟවා ගත්තෝ ය. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.

See all translations of this verse →

وَشَرَوْهُ بِثَمَنٍۭ بَخْسٍ دَرَٰهِمَ مَعْدُودَةٍ وَكَانُوا۟ فِيهِ مِنَ ٱلزَّٰهِدِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු අඩු වටිනාකමට නියමිත රිදී කාසි ගණනකට ඔහුව විකුණා දැමුවෝ ය. තවද ඔහු සම්බන්ධයෙන් ඔවුහු උදාසීන වූවන් අතරින් වූහ.

See all translations of this verse →

وَقَالَ ٱلَّذِى ٱشْتَرَىٰهُ مِن مِّصْرَ لِٱمْرَأَتِهِۦٓ أَكْرِمِى مَثْوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًا وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمْرِهِۦ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මිස්රයේ දී ඔහුව මිලට ගත් අය තම බිරිය අමතා ‘මොහුගේ නවාතැන ගෞරවයෙන් රැක බලා ගනු. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු’ යැයි පැවසුවේ ය. අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ එලෙස ය. තවද අපි ඔහුට සිදුවීම්වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නා ය. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.

See all translations of this verse →

وَلَمَّا بَلَغَ أَشُدَّهُۥٓ ءَاتَيْنَٰهُ حُكْمًا وَعِلْمًا وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු පරිණතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. එලෙසය දැහැමියන්ට අපි ප්‍රතිඵල පිරිනමනුයේ.

See all translations of this verse →

وَرَٰوَدَتْهُ ٱلَّتِى هُوَ فِى بَيْتِهَا عَن نَّفْسِهِۦ وَغَلَّقَتِ ٱلْأَبْوَٰبَ وَقَالَتْ هَيْتَ لَكَ قَالَ مَعَاذَ ٱللَّهِ إِنَّهُۥ رَبِّىٓ أَحْسَنَ مَثْوَاىَ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඇය ඇයගේ නිවසේ විසූ ඔහුව (කාමයේ වරදවා හැසිරෙන්නට) පොළඹවා දොරටු වසා ගෙන ‘තමන් අසලට පැමිණෙන්නැ’යි පැවසුවා ය. ‘අල්ලාහ්ගේ ආරක්ෂාව වේවා. නියත වශයෙන් ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය අලංකාරවත් කළේ ය. නියත වශයෙන් ම අපරාධකරුවෝ ජය නො ලබති’ යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

وَلَقَدْ هَمَّتْ بِهِۦ وَهَمَّ بِهَا لَوْلَآ أَن رَّءَا بُرْهَٰنَ رَبِّهِۦ كَذَٰلِكَ لِنَصْرِفَ عَنْهُ ٱلسُّوٓءَ وَٱلْفَحْشَآءَ إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُخْلَصِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඇය ඔහු සමඟ (කාමයේ වරදවා හැසිරෙන්නට) උත්සාහ දැරුවා ය. ඔහුගේ පරමාධිපතිගේ සාධක ඔහු නො දුටුවේ නම් ඔහු ද ඇය සමඟ නැඹුරු වන්නට තිබුණි. එලෙස (අපි සිදු කළේ) නපුර හා අශික්ෂිත දෑ ඔහුගෙන් අපි වෙනතකට යොමු කරනු පිණිස ය. නියත වශයෙන් ම ඔහු අපගේ අවංක ගැත්තන් අතරින් විය.

See all translations of this verse →

وَٱسْتَبَقَا ٱلْبَابَ وَقَدَّتْ قَمِيصَهُۥ مِن دُبُرٍ وَأَلْفَيَا سَيِّدَهَا لَدَا ٱلْبَابِ قَالَتْ مَا جَزَآءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوٓءًا إِلَّآ أَن يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද දෙදෙනා ම තරඟ වැද දොරටුව වෙත ගියහ. ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද ඉරා දැමුවා ය. දෙදෙනා ම දොර අසල දී ඇයගේ ස්වාමියා හමු වූහ. ‘ඔබේ පවුලට නපුරක් අපේක්ෂා කළ අය සිරගත කරනු ලැබීම හෝ වේදනීය දඬුවමක් මිස වෙනත් කවර ප්‍රතිවිපාකයක් දැ?’ යි ඇය (එවිට ඇයගේ ස්වාමියාගෙන්) විමසුවා ය.

See all translations of this verse →

قَالَ هِىَ رَٰوَدَتْنِى عَن نَّفْسِى وَشَهِدَ شَاهِدٌ مِّنْ أَهْلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ ٱلْكَٰذِبِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘මා පොලඹවාලීමට තැත් කළේ ඇයයි’ යැයි ඔහු (යූසුෆ්) පැවසුවේ ය. (එවිට) ‘ඔහුගේ කමිසය ඉදිරියෙන් ඇද ඉරනු ලැබ තිබුණේ නම් ඇය සත්‍යය පවසා ඇත. තවද ඔහු මුසාවාදීන් අතරිනි’ යැයි ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු සාක්ෂි දැරුවේ ය.

See all translations of this verse →

وَإِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن دُبُرٍ فَكَذَبَتْ وَهُوَ مِنَ ٱلصَّٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘තවද ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබ තිබුණේ නම් එවිට ඇය බොරු පවසා ඇත. ඔහු සත්‍යවාදීන් අතරිනි’ (යැයි තවදුරටත් පැවසුවේ ය).

See all translations of this verse →

فَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٍ قَالَ إِنَّهُۥ مِن كَيْدِكُنَّ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබී තිබෙනු ඔහු දුටු කල්හි "(එවිට තම බිරිඳ ට) නියත වශයෙන් ම මෙය (කාන්තාවන් වන) නුඹලාගේ උපායකි. නියත වශයෙන් ම නුඹලාගේ උපාය අතිභයානකය" යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

يُوسُفُ أَعْرِضْ عَنْ هَٰذَا وَٱسْتَغْفِرِى لِذَنۢبِكِ إِنَّكِ كُنتِ مِنَ ٱلْخَاطِـِٔينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද යූසුෆ්, එය නො සලකා හරිනු. (අහෝ ස්ත්‍රිය,) ඔබ ඔබේ පාපයට සමාව අයැදිනු. නියත වශයෙන් ම ඔබ වැරදිකරුවන් අතරින් වූයෙහි ය.

See all translations of this verse →

وَقَالَ نِسْوَةٌ فِى ٱلْمَدِينَةِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفْسِهِۦ قَدْ شَغَفَهَا حُبًّا إِنَّا لَنَرَىٰهَا فِى ضَلَٰلٍ مُّبِينٍ

Sinhalese Translation - Rowwad Translation Center‘පාලකයාගේ බිරිය ඇයගේ (වහල්) තරුණයා සමඟ (කාමයේ වරදවා හැසිරීමට) තැත් කොට ඇත. ආලයෙන් ඇයව වෙළා ඇත. සැබැවින් ම අපි ඇය පැහැදිලි මුළාවෙහි සිටිනු දකිමු’ යැයි නගරයේ කාන්තාවෝ පවසා සිටියහ.

See all translations of this verse →

فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَـًٔا وَءَاتَتْ كُلَّ وَٰحِدَةٍ مِّنْهُنَّ سِكِّينًا وَقَالَتِ ٱخْرُجْ عَلَيْهِنَّ فَلَمَّا رَأَيْنَهُۥٓ أَكْبَرْنَهُۥ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنْ هَٰذَآ إِلَّا مَلَكٌ كَرِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ රහස් කතාවට ඇය සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළා ය. ඔවුන් අතරින් සෑම කෙනෙකුට ම පිහියක් බැගින් දුන්නා ය. පසුව ‘ඔබ ඔවුන් ඉදිරියට පිටව යනු’ යැයි (යූසුෆ්ට) ඇය පැවසුවා ය. ඔවුහු ඔහුව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. තවද ඔවුන්ගේ අත් (නොදැනුවත්ව ම) කපා ගත්හ. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! මොහු මිනිසෙකු නො වේ. මොහු ගෞරවනීය සුර දූතයකු මිස වෙනකෙකු නො වෙතැයි ඔවුහු පවසා සිටියහ.

See all translations of this verse →

قَالَتْ فَذَٰلِكُنَّ ٱلَّذِى لُمْتُنَّنِى فِيهِ وَلَقَدْ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ فَٱسْتَعْصَمَ وَلَئِن لَّمْ يَفْعَلْ مَآ ءَامُرُهُۥ لَيُسْجَنَنَّ وَلَيَكُونًا مِّنَ ٱلصَّٰغِرِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මට දොස් නැගුවෙහු ද එයයි මෙය. මම ඔහු සමඟ (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළෙමි. එහෙත් ඔහු සුරක්ෂිත විය. මා ඔහුට අණ කරන දෑ ඔහු ඉටු නො කළේ නම් සැබැවින් ම ඔහු සිරගත කරනු ලබනු ඇත. තවද ඔහු පහත් අය අතරින් වනු ඇත’ යැයි ඇය පැවසුවා ය.

See all translations of this verse →

قَالَ رَبِّ ٱلسِّجْنُ أَحَبُّ إِلَىَّ مِمَّا يَدْعُونَنِىٓ إِلَيْهِ وَإِلَّا تَصْرِفْ عَنِّى كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُن مِّنَ ٱلْجَٰهِلِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘මාගේ පරමාධිපතියාණනි! ඔවුන් කවර දෙයක් වෙත මා කැඳවන්නේ ද ඊට වඩා සිරගත වීම මට ප්‍රිය මනාප ය. ඔවුන්ගේ උපායෙන් නුඹ මා වෙනතකට නො හරවන්නේ නම් ඔවුන් වෙත මම හසුවන්නෙමි. තවද මම අඥානයින් අතරින් වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

فَٱسْتَجَابَ لَهُۥ رَبُّهُۥ فَصَرَفَ عَنْهُ كَيْدَهُنَّ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහුගේ පරමාධිපති ඔහුට පිළිතුරු දුන්නේ ය. ඔවුන්ගේ උපාය ඔහු ඔහුගෙන් වෙනතකට හැරෙව්වේ ය. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව ඥානී වන්නේ.

See all translations of this verse →

ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعْدِ مَا رَأَوُا۟ ٱلْـَٔايَٰتِ لَيَسْجُنُنَّهُۥ حَتَّىٰ حِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerඅනතුරුව ඔවුන් (ඔහුගේ අවංකභාවයට) සාධක දුටු පසුව මද කලකට ඔහුව සිරභාරයට ගනු ලැබීම යහපත් යැයි ඔවුනට හෙළි විය.

See all translations of this verse →

وَدَخَلَ مَعَهُ ٱلسِّجْنَ فَتَيَانِ قَالَ أَحَدُهُمَآ إِنِّىٓ أَرَىٰنِىٓ أَعْصِرُ خَمْرًا وَقَالَ ٱلْـَٔاخَرُ إِنِّىٓ أَرَىٰنِىٓ أَحْمِلُ فَوْقَ رَأْسِى خُبْزًا تَأْكُلُ ٱلطَّيْرُ مِنْهُ نَبِّئْنَا بِتَأْوِيلِهِۦٓ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු සමඟ සිරගෙයට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළු වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ‘සැබැවින් ම මම මත්පැන් පෙරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. තවද අනෙකා ‘සැබැවින් ම මම ද මාගේ හිසට ඉහළින් මා රොටියක් උසුලමින් සිටියෙමි. පක්ෂියකු ඉන් අනුභව කරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. ‘එහි යථාර්ථය ඔබ අපට දන්වා සිටිනු. සැබැවින් ම අපි ඔබව දැහැමියන් අතරින් දකිමු’ (යැයි තවදුරටත් පවසා සිටියහ.)

See all translations of this verse →

قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌ تُرْزَقَانِهِۦٓ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِۦ قَبْلَ أَن يَأْتِيَكُمَا ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِى رَبِّىٓ إِنِّى تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَّا يُؤْمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ كَٰفِرُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘නුඹලා දෙදෙනාට පෝෂණය වශයෙන් දෙනු ලබන ආහාර නුඹලා වෙත නොපැමිණි නමුත් නුඹලා දෙදෙනාට එය පැමිණීමට පෙර එහි යථාර්ථය නුඹලා දෙදෙනාට දන්වමි’ යැයි ඔහු පැවසුවේ ය.’ එය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයිනි. අල්ලාහ්ව විශ්වාස නො කරන ජනයාගේ පිළිවෙත මම අත හැරියෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.’

See all translations of this verse →

وَٱتَّبَعْتُ مِلَّةَ ءَابَآءِىٓ إِبْرَٰهِيمَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ مَا كَانَ لَنَآ أَن نُّشْرِكَ بِٱللَّهِ مِن شَىْءٍ ذَٰلِكَ مِن فَضْلِ ٱللَّهِ عَلَيْنَا وَعَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම්, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නො වීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්‍යය අතරිනි. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති.’

See all translations of this verse →

يَٰصَٰحِبَىِ ٱلسِّجْنِ ءَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! උතුම් වනුයේ (වෙන් වෙන්ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එක ම දෙවිඳුන් අල්ලාහ් ද?’

See all translations of this verse →

مَا تَعْبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسْمَآءً سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَٰنٍ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ أَمَرَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘ඔහු හැර දමා නුඹලා නැමදුම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස වෙනකක් නැත. අල්ලාහ් ඒ පිළිබඳව කිසිදු සාධකයක් පහළ කළේ නැත. තීන්දු කිරීම අල්ලාහ්ට මිස වෙනත් කිසිවකුට නැත. නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නො කළ යුතු බවට ඔහු අණ කළේ ය. එයයි ඍජු දහම වනුයේ. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.’

See all translations of this verse →

يَٰصَٰحِبَىِ ٱلسِّجْنِ أَمَّآ أَحَدُكُمَا فَيَسْقِى رَبَّهُۥ خَمْرًا وَأَمَّا ٱلْـَٔاخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ ٱلطَّيْرُ مِن رَّأْسِهِۦ قُضِىَ ٱلْأَمْرُ ٱلَّذِى فِيهِ تَسْتَفْتِيَانِ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! නුඹලා දෙදෙනාගෙන් එක් අයකු වූ කලී, ඔහු තම ස්වාමියාට මත්පැන් සපයනු ඇත. අනෙක් අය වූ කලී, කුරුසයේ තබා බැද දමනු ලැබේ. එවිට ඔහුගේ හිස මත සිට පක්ෂීන් අනුභව කරයි. කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා දෙදෙනා විමසා සිටියේ ද එම කරුණ තීන්දු කරනු ලැබී ය.’

See all translations of this verse →

وَقَالَ لِلَّذِى ظَنَّ أَنَّهُۥ نَاجٍ مِّنْهُمَا ٱذْكُرْنِى عِندَ رَبِّكَ فَأَنسَىٰهُ ٱلشَّيْطَٰنُ ذِكْرَ رَبِّهِۦ فَلَبِثَ فِى ٱلسِّجْنِ بِضْعَ سِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් දෙදෙනාගෙන් සැබැවින් ම මොහු නිදහස් වනු ඇතැයි සිතූ පුද්ගලයා අමතා, ‘නුඹේ ස්වාමියා අබියස මා ගැන මතක් කරන්න’ යැයි ඔහු (යූසුෆ්) පැවසුවේ ය. එහෙත් තම ස්වාමියා වෙත මෙනෙහි කිරීමට ෂෙයිතාන් ඔහුට අමතක කර දැමී ය. එහෙයින් ඔහු (තවත්) වසර කිහිපයක් සිරගෙහි රැඳුණේ ය.

See all translations of this verse →

وَقَالَ ٱلْمَلِكُ إِنِّىٓ أَرَىٰ سَبْعَ بَقَرَٰتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعَ سُنۢبُلَٰتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَٰتٍ يَٰٓأَيُّهَا ٱلْمَلَأُ أَفْتُونِى فِى رُءْيَٰىَ إِن كُنتُمْ لِلرُّءْيَا تَعْبُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ‘සැබැවින් ම පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම ද සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ලෙස තිබීම ද සත්‍යවශයෙන් ම මම (සිහිනෙන්) දුටුවෙමි. ‘අහෝ ප්‍රධානියිනි! නුඹලා සිහිනවලට පලාපල කියමින් සිටියෙහු නම් මාගේ මෙම සිහිනය පිළිබඳව මාහට විස්තර කරනු’ යැයි රජතෙම පැවසුවේ ය.

See all translations of this verse →

قَالُوٓا۟ أَضْغَٰثُ أَحْلَٰمٍ وَمَا نَحْنُ بِتَأْوِيلِ ٱلْأَحْلَٰمِ بِعَٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘මේවා ව්‍යාකූල සිහින වෙති. තවද අපි සිහිනවල අර්ථ පිළිබඳ දැනුමැත්තන් නො වන්නෙමු’ යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

وَقَالَ ٱلَّذِى نَجَا مِنْهُمَا وَٱدَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأْوِيلِهِۦ فَأَرْسِلُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් දෙදෙනාගෙන් නිදහස් වූ අයට ටික කලකට පසුව (යූසුෆ් පිළිබඳ ව) මතක් වී ‘එහි අර්ථය පිළිබඳව මම නුඹලාට දැනුම් දෙමි. එහෙයින් නුඹලා මා (යූසුෆ් වෙත) යවනු’ යැයි ඔහු කී ය.

See all translations of this verse →

يُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفْتِنَا فِى سَبْعِ بَقَرَٰتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعِ سُنۢبُلَٰتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَٰتٍ لَّعَلِّىٓ أَرْجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ සත්‍යවාදී යූසුෆ්! පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම හා සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළිව තිබීම ගැන මට විස්තර කරන්න. මම ජනයා වෙත හැරී ගොස් (දන්වමි) ඔවුන් එය දැන ගත හැකි වනු පිණිස.’

See all translations of this verse →

قَالَ تَزْرَعُونَ سَبْعَ سِنِينَ دَأَبًا فَمَا حَصَدتُّمْ فَذَرُوهُ فِى سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلًا مِّمَّا تَأْكُلُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘අවුරුදු හතක් දිගට ම නුඹලා වගා කරනු ඇත. නුඹලා අස්වනු වශයෙන් නෙළාගන්නා දැයින් නුඹලා අනුභව කරන ස්වල්ප ප්‍රමාණය හැර (අනෙක් ඒවා) එහි කරල් තුළ ම තිබෙන්නට හරිනු’ යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

ثُمَّ يَأْتِى مِنۢ بَعْدِ ذَٰلِكَ سَبْعٌ شِدَادٌ يَأْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ إِلَّا قَلِيلًا مِّمَّا تُحْصِنُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘ඉන් පසුව දරුණු (වසර) හතක් පැමිණෙනු ඇත. නුඹලා ගබඩා කරන දැයින් ස්වල්පයක් මිස නුඹලා ඒ සඳහා පෙර සූදානම් කළ (සෙසු සියළු) දෑ එය අනුභව කරනු ඇත.’

See all translations of this verse →

ثُمَّ يَأْتِى مِنۢ بَعْدِ ذَٰلِكَ عَامٌ فِيهِ يُغَاثُ ٱلنَّاسُ وَفِيهِ يَعْصِرُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘ඉන් පසුව වසරක් පැමිණෙයි. ජනයා එහි වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබනු අතර තවද ඔවුහු එහි (පලතුරු) යුෂ පෙරති.’

See all translations of this verse →

وَقَالَ ٱلْمَلِكُ ٱئْتُونِى بِهِۦ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرْجِعْ إِلَىٰ رَبِّكَ فَسْـَٔلْهُ مَا بَالُ ٱلنِّسْوَةِ ٱلَّٰتِى قَطَّعْنَ أَيْدِيَهُنَّ إِنَّ رَبِّى بِكَيْدِهِنَّ عَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ‘ඔහු මා වෙත ගෙන එනු’ යැයි රජතෙම පැවසී ය. එහෙත් දූතයා ඔහු(යූසුෆ්) වෙත පැමිණි කල්හි ‘ඔබ ඔබේ ස්වාමියා වෙත හැරී ගොස් තම අත් කපා ගත් කාන්තාවන්ගේ තත්ත්වය කුමක් දැ? යි ඔහුගෙන් විමසනු. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔවුන්ගේ උපාය පිළිබඳ සර්ව ඥානීය’ යැයි පැවසුවේ ය.

See all translations of this verse →

قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفْسِهِۦ قُلْنَ حَٰشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِن سُوٓءٍ قَالَتِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ ٱلْـَٰٔنَ حَصْحَصَ ٱلْحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘නුඹලා යූසුෆ් පොලඹවා ගන්නට තැත් කළ අවස්ථාවේ නුඹලාට කුමක් වී දැ?’යි (රජු) විමසුවේ ය. ‘අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. ඔහු ගැන කිසිදු අයහපතක් අපි නො දනිමු’ යැයි ඔවුහු පැවසුවෝ ය. ‘දැන් සත්‍යය පැහැදිලි විය. ඔහුව (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළේ මම යි. තවද නියත වශයෙන් ම ඔහු සත්‍යවාදීන් අතරිනි’ යැයි පාලකයාගේ (අසීස්ගේ) බිරිය පැවසුවා ය.

See all translations of this verse →

ذَٰلِكَ لِيَعْلَمَ أَنِّى لَمْ أَخُنْهُ بِٱلْغَيْبِ وَأَنَّ ٱللَّهَ لَا يَهْدِى كَيْدَ ٱلْخَآئِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය(ට හේතුව, ඔහු) නොමැති තැන මම ඔහු(අසීස්)ට ද්‍රෝහිකම් නො කළ බවටත් සැබැවින් ම අල්ලාහ් ද්‍රෝහිකම් කරන්නන්ගේ කුමන්ත්‍රණවලට මග නො පෙන්වන බවටත් ඔහු දැන ගනු පිණිස ය.

See all translations of this verse →

وَمَآ أُبَرِّئُ نَفْسِىٓ إِنَّ ٱلنَّفْسَ لَأَمَّارَةٌۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّىٓ إِنَّ رَبِّى غَفُورٌ رَّحِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ‘මාගේ ආත්මය මම නිර්දෝෂි නො කරමි. නියත වශයෙන් ම ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. එහෙත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන් ම මාගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; මහා කරුණා ගුණයෙන් යුක්තය’ (යැයි අසීස්ගේ බිරිඳ පැවසුවා ය.)

See all translations of this verse →

وَقَالَ ٱلْمَلِكُ ٱئْتُونِى بِهِۦٓ أَسْتَخْلِصْهُ لِنَفْسِى فَلَمَّا كَلَّمَهُۥ قَالَ إِنَّكَ ٱلْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌ

Sinhalese Translation - Rowwad Translation Center‘මට පමණක් විශේෂ කෙනෙකු ලෙස මා ඔහුව පත් කර ගැනීමට මා වෙතට ඔහුව ගෙන එනු’ යැයි රජු පැවසුවේ ය. රජු ඔහු සමඟ කථා කළ විට "නියත වශයෙන් ම ඔබ අද දින අප ඉදිරියේ විශ්වාසනීය, ගෞරවණීය ස්ථානයක් ලැබූවෙකි" යැයි (රජු) පැවසුවේ ය.

See all translations of this verse →

قَالَ ٱجْعَلْنِى عَلَىٰ خَزَآئِنِ ٱلْأَرْضِ إِنِّى حَفِيظٌ عَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Center‘මිහිතලයේ භාණ්ඩාගාර සඳහා ඔබ මා පත් කරනු. නියත වශයෙන් ම මම මනා දැනුමැති ආරක්ෂකයෙකි’ යැයි (යූසුෆ්) කී ය.

See all translations of this verse →

وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَآءُ نُصِيبُ بِرَحْمَتِنَا مَن نَّشَآءُ وَلَا نُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එලෙස අපි යූසුෆ්ට එම දේශයේ ඔහු කැමති පරිදි එහි පදිංචි වන්නට ඉඩ සලසා දුනිමු. අපි අභිමත කරන අයට අපගේ කරුණාව තුළින් පිරිනමන්නෙමු. තවද දැහැමියන්ගේ ප්‍රතිඵල අපි නිෂ්ඵල නො කරන්නෙමු.

See all translations of this verse →

وَلَأَجْرُ ٱلْـَٔاخِرَةِ خَيْرٌ لِّلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද දේවත්වය විශ්වාස කොට බිය හැඟීමෙන් කටයුතු කරන්නන් ලෙස සිටියවුන් වනාහි ඔවුනට මතු ලොව ප්‍රතිඵල උතුම් ය.

See all translations of this verse →

وَجَآءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا۟ عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُۥ مُنكِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද යූසුෆ්ගේ සහෝදරයෝ පැමිණ ඔහු වෙත ප්‍රවේශ වූහ. එවිට ඔවුන් ඔහුව නාඳුනන්නන් ලෙසින් සිටිය ද ඔහු (යූසුෆ්) ඔවුන්ව හඳුනා ගත්තේ ය.

See all translations of this verse →

وَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ قَالَ ٱئْتُونِى بِأَخٍ لَّكُم مِّنْ أَبِيكُمْ أَلَا تَرَوْنَ أَنِّىٓ أُوفِى ٱلْكَيْلَ وَأَنَا۠ خَيْرُ ٱلْمُنزِلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු (යූසුෆ් විසින්) සූදානම් කර දී (ඔවුන් පිටත්ව යන කල්හි) ‘නුඹලාගේ පියාගෙන් වූ නුඹලාගේ සහෝදරයා මා වෙත ගෙන එනු. නියත වශයෙන් ම මම කිරුම පූර්ණව දෙන බවත්, සත්කාරයින් අතරින් මම ශ්‍රේෂ්ඨයෙකු වන බවත් නුඹලා දුටුවා නො වේ දැ?’ යි පවසා සිටී ය.

See all translations of this verse →

فَإِن لَّمْ تَأْتُونِى بِهِۦ فَلَا كَيْلَ لَكُمْ عِندِى وَلَا تَقْرَبُونِ

Sinhalese Translation - Rowwad Translation Center‘එහෙත් නුඹලා මා වෙත ඔහු නො ගෙනාවෙහු නම් මා වෙතින් නුඹලාට කිසිදු කිරුමක් නොමැත. තවද නුඹලා මා වෙත සමීප නො වනු.’

See all translations of this verse →

قَالُوا۟ سَنُرَٰوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَٰعِلُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘ඔහු ගැන අපගේ පියාණන්ට අපි සැල කරන්නෙමු. තවද නියත වශයෙන් ම අප එය සිදු කරන්නෝ මය’ යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

وَقَالَ لِفِتْيَٰنِهِ ٱجْعَلُوا۟ بِضَٰعَتَهُمْ فِى رِحَالِهِمْ لَعَلَّهُمْ يَعْرِفُونَهَآ إِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمْ لَعَلَّهُمْ يَرْجِعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ‘ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගේ ගමන් මලුවල ම තබනු. ඔවුන් ඔවුන්ගේ පවුල වෙත හැරී ගිය විට ඔවුන් එය දැන, නැවත හැරී ආ හැකි වනු පිණිස’ යැයි ඔහු ඔහුගේ සේවකයින්ට කී ය.

See all translations of this verse →

فَلَمَّا رَجَعُوٓا۟ إِلَىٰٓ أَبِيهِمْ قَالُوا۟ يَٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلْكَيْلُ فَأَرْسِلْ مَعَنَآ أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත ගිය කල්හි ‘අපගේ පියාණනි! (මින් ඉදිරියට ධාන්‍ය) කිරා දීම අප වෙත වළක්වන ලදි. එබැවින් අප සමඟ අපගේ සහෝදරයා එවනු. අපි (ධාන්‍ය) කිරා ගන්නෙමු. තවද නියත වශයෙන් ම අපි ඔහුව ආරක්ෂා කරන්නන් වෙමු’ යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

قَالَ هَلْ ءَامَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَآ أَمِنتُكُمْ عَلَىٰٓ أَخِيهِ مِن قَبْلُ فَٱللَّهُ خَيْرٌ حَٰفِظًا وَهُوَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘මීට පෙර නුඹලාගේ සහෝදරයා (යූසුෆ්) විෂයයෙහි නුඹලාව මම විශ්වාස කළාක් මෙන් මොහු කෙරෙහි ද නුඹලාව මම විශ්වාස කළ යුතු ද? එහෙයින් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්ත ය.’

See all translations of this verse →

وَلَمَّا فَتَحُوا۟ مَتَٰعَهُمْ وَجَدُوا۟ بِضَٰعَتَهُمْ رُدَّتْ إِلَيْهِمْ قَالُوا۟ يَٰٓأَبَانَا مَا نَبْغِى هَٰذِهِۦ بِضَٰعَتُنَا رُدَّتْ إِلَيْنَا وَنَمِيرُ أَهْلَنَا وَنَحْفَظُ أَخَانَا وَنَزْدَادُ كَيْلَ بَعِيرٍ ذَٰلِكَ كَيْلٌ يَسِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන්ගේ මලු ඔවුහු විවෘත කළ කල්හි ඔවුන් වෙත ආපසු දෙන ලද ඔවුන්ගේ භාණ්ඩ ඔවුහු දුටුවෝ ය. අපගේ පියාණනි! මෙය අපි නො පැතුවෙමු, නමුත් අපගේ භාණ්ඩ අපට නැවත දෙන ලැබ ඇත. තවද අපි (මින් ඉදිරියට) අපගේ පවුලට ආහාර රැගෙන එන්නෙමු. තවද අපගේ සහෝදරයාව ද රැක බලා ගන්නෙමු. ඔටු (මත පටවන) බරට අපි අධිකව ලබා ගන්නෙමු. එය පහසු කිරුම් බරකි’ යැයි පැවසුවෝ ය.

See all translations of this verse →

قَالَ لَنْ أُرْسِلَهُۥ مَعَكُمْ حَتَّىٰ تُؤْتُونِ مَوْثِقًا مِّنَ ٱللَّهِ لَتَأْتُنَّنِى بِهِۦٓ إِلَّآ أَن يُحَاطَ بِكُمْ فَلَمَّآ ءَاتَوْهُ مَوْثِقَهُمْ قَالَ ٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ

Sinhalese Translation - Rowwad Translation Center‘මොහුව මා වෙත (නැවත) ගෙන එන බවට අල්ලාහ් වෙතින් නුඹලා මට ප්‍රතිඥාවක් දෙන තෙක් මම ඔහුව නුඹලා සමඟ කිසිවිටෙක නො යවමි. එහෙත් නුඹලාට (යම් නපුරක්) වට කර ගනු ලැබුවොත් මිස’ යැයි ඔහු පැවසී ය. එහෙයින් ඔවුන්ගේ ප්‍රතිඥාව ඔවුහු ඔහුට දුන් කල්හි ‘අප පවසන දෑ කෙරෙහි අල්ලාහ් භාරකරු’ යැයි ඔහු කීවේ ය.

See all translations of this verse →

وَقَالَ يَٰبَنِىَّ لَا تَدْخُلُوا۟ مِنۢ بَابٍ وَٰحِدٍ وَٱدْخُلُوا۟ مِنْ أَبْوَٰبٍ مُّتَفَرِّقَةٍ وَمَآ أُغْنِى عَنكُم مِّنَ ٱللَّهِ مِن شَىْءٍ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ‘මාගේ දරුවනි! නුඹලා එක ම දොරටුවකින් ඇතුළු නො වනු. විවිධ දොරටුවලින් ඇතුළු වනු. අල්ලාහ්ගෙන් සිදු වන කිසිවකින් නුඹලා වළක්වාලන්නට මට නොහැකි ය. තීන්දුව අල්ලාහ් සතුව මිස වෙනත් කිසිවකු සතුව නැත. ඔහු වෙත මම භාර කළෙමි. එමෙන් ම භාර කරන්නන් ද ඔහු වෙත ම භාර කළ යුතු ය.’

See all translations of this verse →

وَلَمَّا دَخَلُوا۟ مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُم مَّا كَانَ يُغْنِى عَنْهُم مِّنَ ٱللَّهِ مِن شَىْءٍ إِلَّا حَاجَةً فِى نَفْسِ يَعْقُوبَ قَضَىٰهَا وَإِنَّهُۥ لَذُو عِلْمٍ لِّمَا عَلَّمْنَٰهُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන්ගේ පියා ඔවුනට අණ කළ පරිදි ඔවුන් ඇතුළු වූ කල්හි යඃකූබ්ගේ මනස තුළ තිබූ අභිලාෂය ඉටු වීම මිස වෙනත් කිසිවක් අල්ලාහ්ගෙන් ඔවුනට ප්‍රයෝජනය ගෙන දෙන්නක් නො වීය. තවද නියත වශයෙන් ම අපි ඔහුට ඉගැන් වූ දෑ පිළිබඳව ඔහු දැනුමැත්තෙකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.

See all translations of this verse →

وَلَمَّا دَخَلُوا۟ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيْهِ أَخَاهُ قَالَ إِنِّىٓ أَنَا۠ أَخُوكَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු යූසුෆ් වෙත ඇතුළු වූ කල්හි ඔහු තම සහෝදරයාව ළං කර ගෙන ‘නියත වශයෙන් ම මම ඔබේ සහෝදරයා වෙමි. එබැවින් ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුක් නො වනු’ යැයි පැවසුවේ ය.

See all translations of this verse →

فَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ جَعَلَ ٱلسِّقَايَةَ فِى رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا ٱلْعِيرُ إِنَّكُمْ لَسَٰرِقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු සූදානම් කර දුන් කල්හි තම සහෝදරයාගේ ගමන් මලුව තුළ (රන්) ජල බඳුන තබන්නට ඔහු සැලැස්සුවේ ය. පසුව ‘අහෝ තවලම් කරුවනි! නියත වශයෙන් ම නුඹලා සොරුන්’ යැයි නිවේදකයකු දන්වා සිටියේ ය.

See all translations of this verse →

قَالُوا۟ وَأَقْبَلُوا۟ عَلَيْهِم مَّاذَا تَفْقِدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු ඔවුන් වෙත හැරී ‘නුඹලා නැති කර ගත්තේ කුමක් දැ?’ යි විමසුවෝ ය.

See all translations of this verse →

قَالُوا۟ نَفْقِدُ صُوَاعَ ٱلْمَلِكِ وَلِمَن جَآءَ بِهِۦ حِمْلُ بَعِيرٍ وَأَنَا۠ بِهِۦ زَعِيمٌ

Sinhalese Translation - Rowwad Translation Center‘රජුගේ රන් කුසලානය (බඳුන) අපි අහිමි කර ගත්තෙමු. තවද එය ගෙන එන්නාට ඔටුවෙක් බරට (ධාන්‍ය) ඇත. තවද ඒ ගැන මම සහතික වෙමි’ යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

قَالُوا۟ تَٱللَّهِ لَقَدْ عَلِمْتُم مَّا جِئْنَا لِنُفْسِدَ فِى ٱلْأَرْضِ وَمَا كُنَّا سَٰرِقِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘අල්ලාහ් මත දිවුරා පවසමු. මහපොළොවේ කලහකම් කිරීමට අපි නොපැමිණි බවත් අපි සොරුන් නො වන බවත් සැබැවින් ම නුඹලා දන්නෙහු’ යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

قَالُوا۟ فَمَا جَزَٰٓؤُهُۥٓ إِن كُنتُمْ كَٰذِبِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘එසේ නුඹලා බොරුකාරයින් වී නම් නුඹලාගේ ප්‍රතිවිපාකය කුමක් විය යුතු දැ?’ යි ඔවුහු විමසුවෝ ය.

See all translations of this verse →

قَالُوا۟ جَزَٰٓؤُهُۥ مَن وُجِدَ فِى رَحْلِهِۦ فَهُوَ جَزَٰٓؤُهُۥ كَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘එහි ප්‍රතිවිපාකය, එනම් කවරෙකුගේ ගමන් මල්ලෙහි එය සොයා ගනු ලබන්නේ ද එවිට ඔහු මය එහි ප්‍රතිවිපාකය විඳිය යුත්තේ. අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක ලබා දෙනුයේ එලෙස ය’ යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسْتَخْرَجَهَا مِن وِعَآءِ أَخِيهِ كَذَٰلِكَ كِدْنَا لِيُوسُفَ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِى دِينِ ٱلْمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ نَرْفَعُ دَرَجَٰتٍ مَّن نَّشَآءُ وَفَوْقَ كُلِّ ذِى عِلْمٍ عَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතම සහෝදරයාගේ පොදියට පෙර ඔවුන්ගේ පොදිවලින් (සොයන්නට) පටන් ගත්තේ ය. පසුව තම සහෝදරයාගේ පොදියෙන් එය එළියට ගත්තේ ය. එලෙසය අපි යූසුෆ්ට (සියල්ල) සැලසුම් කළේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස රජුගේ නීතිය තුළ ඔහුගේ සහෝදරයා ගැනීමට සුදුසු නො වීය. අපි අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. තවද දැනුමැති සියල්ලන්ට වඩා ඉහළින් මනා දැනුමැත්තකු ඇත.

See all translations of this verse →

قَالُوٓا۟ إِن يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌ لَّهُۥ مِن قَبْلُ فَأَسَرَّهَا يُوسُفُ فِى نَفْسِهِۦ وَلَمْ يُبْدِهَا لَهُمْ قَالَ أَنتُمْ شَرٌّ مَّكَانًا وَٱللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු සොරකම් කර ඇත්නම් (පුදුමයක් නො වේ.) මීට පෙර ඔහුගේම සහෝදරයා සොරකම් කර ඇත යැයි ඔවුහු (එම සහොදරයෝ) පැවසුවෝ ය. එහෙත් යූසුෆ් එය ඔවුනට හෙළි නො කර ඔහුගේ මනස තුළ එය සඟවා ගත්තේ ය. ‘නුඹලා ස්ථානයෙන් නපුරු ම අය වෙති. තවද නුඹලා වර්ණනා කරමින් පවසන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය’ යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

قَالُوا۟ يَٰٓأَيُّهَا ٱلْعَزِيزُ إِنَّ لَهُۥٓ أَبًا شَيْخًا كَبِيرًا فَخُذْ أَحَدَنَا مَكَانَهُۥٓ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ උතුමාණනි! සැබැවින් ම මොහුට ඉතා වයස් ගත පියෙකු සිටියි. එබැවින් ඔහුගේ තැනට අප අතරින් කෙනෙකු ගනු. නියත වශයෙන් ම අපි ඔබව දැහැමියන් අතරින් කෙනෙකු ලෙස දකින්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

قَالَ مَعَاذَ ٱللَّهِ أَن نَّأْخُذَ إِلَّا مَن وَجَدْنَا مَتَٰعَنَا عِندَهُۥٓ إِنَّآ إِذًا لَّظَٰلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘අපගේ භාණ්ඩ කවුරුන් වෙතින් අපි සොයා ගත්තෙමු ද ඔහු හැර වෙනත් කෙනෙකු අප ගැනීමෙන් අල්ලාහ් ආරක්ෂා කරත්වා! එවිට අපි නියත වශයෙන් ම අපරාධකරුවන් වෙමු’ යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

فَلَمَّا ٱسْتَيْـَٔسُوا۟ مِنْهُ خَلَصُوا۟ نَجِيًّا قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوٓا۟ أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُم مَّوْثِقًا مِّنَ ٱللَّهِ وَمِن قَبْلُ مَا فَرَّطتُمْ فِى يُوسُفَ فَلَنْ أَبْرَحَ ٱلْأَرْضَ حَتَّىٰ يَأْذَنَ لِىٓ أَبِىٓ أَوْ يَحْكُمَ ٱللَّهُ لِى وَهُوَ خَيْرُ ٱلْحَٰكِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු ගැන ඔවුහු බලාපොරොත්තු සුන් වූ කල්හි රහසින් සාකච්ඡා කිරීමට වෙන්ව ගියෝ ය. ‘නියත වශයෙන් ම නුඹලාගේ පියා අල්ලාහ්ගෙන් වූ ප්‍රතිඥාවක් නුඹලා වෙතින් ගත් සැටිත් මීට පෙර යූසුෆ් විෂයෙහි (එවන් ප්‍රතිඥාවක්) නුඹලා කඩ කළ සැටිත් නුඹලා නො දන්නෙහු ද? එහෙයින් මාගේ පියා මාහට අවසර දෙන තෙක් හෝ අල්ලාහ් මට තීන්දු දෙන තෙක් හෝ මම මෙම භූමියෙන් ඉවත නො යමි. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අතිශ්‍රේෂ්ඨ ය’ යැයි ඔවුන් අතරින් වැඩිමලා පැවසුවේ ය.

See all translations of this verse →

ٱرْجِعُوٓا۟ إِلَىٰٓ أَبِيكُمْ فَقُولُوا۟ يَٰٓأَبَانَآ إِنَّ ٱبْنَكَ سَرَقَ وَمَا شَهِدْنَآ إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَٰفِظِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා නුඹලාගේ පියා වෙත ආපසු ගොස් ‘අපගේ පියාණනි! නියත වශයෙන් ම ඔබේ පුතා සොරකම් කර ඇත. අප දන්නා දෑ පිළිබඳව මිස අපි සාක්ෂි නො දරන්නෙමු. තවද අපි (අපට) නොපෙනෙන දෑ ආරක්ෂා කරන්නන් ලෙස නො සිටියෙමු’ යැයි නුඹලා පවසනු.

See all translations of this verse →

وَسْـَٔلِ ٱلْقَرْيَةَ ٱلَّتِى كُنَّا فِيهَا وَٱلْعِيرَ ٱلَّتِىٓ أَقْبَلْنَا فِيهَا وَإِنَّا لَصَٰدِقُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘අපි එහි සිටි ගම්මානයෙන් හා එහි අපි මුණගැසුණු නඩයෙන් නුඹ විමසා බලනු. තවද නියත වශයෙන් ම අපි සත්‍යවාදීහු ම ය.’ (යැයි පවසන ලෙස කියා දී පිටත් කළේ ය.)

See all translations of this verse →

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا فَصَبْرٌ جَمِيلٌ عَسَى ٱللَّهُ أَن يَأْتِيَنِى بِهِمْ جَمِيعًا إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ

Sinhalese Translation - Rowwad Translation Center‘එහෙත් (මීට පෙර) නුඹලාගේ ආත්මාවන් නුඹලාට කරුණක් පොළඹ වීය. එහෙයින් අලංකාර ඉවසීමකි (වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ.) ඔවුන් සියල්ල මා වෙත ගෙන ඒමට අල්ලාහ්ට හැකි ය. නියත වශයෙන් ම ඔහු සර්ව ඥානී; මහා ප්‍රඥාවන්තය’ යැයි ඔහු(පියා) පැවසී ය.

See all translations of this verse →

وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبْيَضَّتْ عَيْنَاهُ مِنَ ٱلْحُزْنِ فَهُوَ كَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ‘ඔහු ඔවුන්ගෙන් හැරී අහෝ යූසුෆ් කෙරෙහි තිබූ මාගේ ශෝකයේ තරම’ යැයි පැවසී ය. තවද දුකෙන් ඔහුගේ දෑස් සුදුමැලි විය. ඔහු (දුක) යටපත් කර ගත්තෙකු විය.

See all translations of this verse →

قَالُوا۟ تَٱللَّهِ تَفْتَؤُا۟ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ ٱلْهَٰلِكِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. ඔබ රෝගාතුරුවන තෙක් හෝ විනාශ වී යන්නන් අතරින් වන තෙක් හෝ ඔබ යූසුෆ්ගේ මතකයෙන් ඉවත් නො වන්නේ මය’ යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

قَالَ إِنَّمَآ أَشْكُوا۟ بَثِّى وَحُزْنِىٓ إِلَى ٱللَّهِ وَأَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘මාගේ ශෝකය හා මාගේ දුක මම පැමිණිලි කර සිටිනුයේ අල්ලාහ් වෙත ම ය. තවද නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි’ යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

يَٰبَنِىَّ ٱذْهَبُوا۟ فَتَحَسَّسُوا۟ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَا۟يْـَٔسُوا۟ مِن رَّوْحِ ٱللَّهِ إِنَّهُۥ لَا يَا۟يْـَٔسُ مِن رَّوْحِ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْكَٰفِرُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ මාගේ දරුවනි! නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා පිළිබඳ සොයා බලනු. තවද අල්ලාහ්ගේ දයාව පිළිබඳව නුඹලා බලාපොරොත්තු සුන් කර නො ගනු. නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කරන ජනයා මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ දයාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර නො ගනිති.’

See all translations of this verse →

فَلَمَّا دَخَلُوا۟ عَلَيْهِ قَالُوا۟ يَٰٓأَيُّهَا ٱلْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا ٱلضُّرُّ وَجِئْنَا بِبِضَٰعَةٍ مُّزْجَىٰةٍ فَأَوْفِ لَنَا ٱلْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَآ إِنَّ ٱللَّهَ يَجْزِى ٱلْمُتَصَدِّقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ ඔහු වෙත ඔවුන් ඇතුළු වූ කල්හි ‘අහෝ උතුමාණනි! අප හා අපගේ පවුලට විපතක් සිදු වී ඇත. අපි අල්ප වටිනාකමින් යුත් භාණ්ඩ සමඟ පැමිණ ඇත්තෙමු. එබැවින් කිරුම් බර අපට පූර්ණව ලබා දී තවද අපහට (තවත් වැඩියෙන්) දන් දෙනු. නියත වශයෙන් ම අල්ලාහ් දන් දෙන්නන්හට කුසල් පිරිනමනු ඇත’ යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

قَالَ هَلْ عَلِمْتُم مَّا فَعَلْتُم بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنتُمْ جَٰهِلُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘නුඹලා අඥානයින් ලෙස සිටි අවස්ථාවේ යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට නුඹලා කළ දෑ නුඹලා දන්නෙහු දැ?’ යි ඔහු විමසුවේ ය.

See all translations of this verse →

قَالُوٓا۟ أَءِنَّكَ لَأَنتَ يُوسُفُ قَالَ أَنَا۠ يُوسُفُ وَهَٰذَآ أَخِى قَدْ مَنَّ ٱللَّهُ عَلَيْنَآ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘සැබැවින් ම ඔබ ද යූසුෆ්?’ යැයි ඔවුහු විමසුවෝ ය. ‘මම යූසුෆ්, මේ මාගේ සහෝදරයා ය. අල්ලාහ් අප වෙත ආශිර්වාද කර ඇත. නියත වශයෙන් ම කරුණ නම් කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වී ඉවසීමෙන් කටයුතු කරන්නේ ද නියත වශයෙන් ම අල්ලාහ් දැහැමියන්ගේ කුලිය නිෂ්ඵල නො කරනු ඇතැ’යි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

قَالُوا۟ تَٱللَّهِ لَقَدْ ءَاثَرَكَ ٱللَّهُ عَلَيْنَا وَإِن كُنَّا لَخَٰطِـِٔينَ

Sinhalese Translation - Rowwad Translation Center‘අල්ලාහ් මත දිවුරමු. අල්ලාහ් අපට වඩා ඔබව උසස් කර ඇත. තවද නියත වශයෙන් ම අපි වැරදි කරන්නන් වූයෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

قَالَ لَا تَثْرِيبَ عَلَيْكُمُ ٱلْيَوْمَ يَغْفِرُ ٱللَّهُ لَكُمْ وَهُوَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘අද දින නුඹලා කෙරෙහි කිසිදු දොසක් නැත. අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්ත ය’ යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

ٱذْهَبُوا۟ بِقَمِيصِى هَٰذَا فَأَلْقُوهُ عَلَىٰ وَجْهِ أَبِى يَأْتِ بَصِيرًا وَأْتُونِى بِأَهْلِكُمْ أَجْمَعِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘නුඹලා මේ මාගේ කමිසය ගෙන ගොස් මාගේ පියාගේ මුහුණ මත දමනු. ඔහු පෙනුමැත්තෙකු ලෙස පැමිණෙනු ඇත. තවද නුඹලාගේ පවුලේ සියලු අය මා වෙත රැගෙන එනු.’

See all translations of this verse →

وَلَمَّا فَصَلَتِ ٱلْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّى لَأَجِدُ رِيحَ يُوسُفَ لَوْلَآ أَن تُفَنِّدُونِ

Sinhalese Translation - Rowwad Translation Center‘එම නඩය පිටත්ව ගිය කල්හි, නියත වශයෙන් ම මට යූසුෆ්ගේ සුවඳ දැනෙයි. නුඹලා මට (බුද්ධි හීන ලෙස කතා කරන්නේ යැයි පවසා) දොස් නො නැගිය යුතු යැයි’ ඔවුන්ගේ පියා පැවසුවේ ය.

See all translations of this verse →

قَالُوا۟ تَٱللَّهِ إِنَّكَ لَفِى ضَلَٰلِكَ ٱلْقَدِيمِ

Sinhalese Translation - Rowwad Translation Center‘අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන් ම ඔබ (තවමත්) ඔබේ පැරණි මුළාවෙහිම පසුවන්නෙහි’ යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

فَلَمَّآ أَن جَآءَ ٱلْبَشِيرُ أَلْقَىٰهُ عَلَىٰ وَجْهِهِۦ فَٱرْتَدَّ بَصِيرًا قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّىٓ أَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ශුභාරංචි දන්වන්නා පැමිණි කල්හි ඔහු ඔහුගේ මුහුණට එය දැමුවේ ය. එවිට ඔහු නැවත පෙනීම ඇත්තෙකු ලෙස පත් විය. ‘නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි නුඹලාට මම නො කීවෙමි දැ?’ යි ඔහු විමසුවේ ය.

See all translations of this verse →

قَالُوا۟ يَٰٓأَبَانَا ٱسْتَغْفِرْ لَنَا ذُنُوبَنَآ إِنَّا كُنَّا خَٰطِـِٔينَ

Sinhalese Translation - Rowwad Translation Center‘අපගේ පියාණනි! අපගේ පාපයන්වලට ඔබ අප වෙනුවෙන් සමාව අයැද සිටිනු මැනව! නියත වශයෙන් ම අපි වැරදි කරන්නන් වූයෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّىٓ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Center‘මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; මහා කරුණාවන්ත ය.’

See all translations of this verse →

فَلَمَّا دَخَلُوا۟ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ٱدْخُلُوا۟ مِصْرَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් යූසුෆ් වෙත පිවිසුනු කල්හි ඔහු වෙත ඔහුගේ දෙමාපියන් ඔහු ළං කර ගත්තේ ය. තවද ‘අල්ලාහ් අභිමත කළේ නම් සුරක්ෂිතයින් ලෙස නුඹලා මිසරයට ඇතුළු වනු’ යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

وَرَفَعَ أَبَوَيْهِ عَلَى ٱلْعَرْشِ وَخَرُّوا۟ لَهُۥ سُجَّدًا وَقَالَ يَٰٓأَبَتِ هَٰذَا تَأْوِيلُ رُءْيَٰىَ مِن قَبْلُ قَدْ جَعَلَهَا رَبِّى حَقًّا وَقَدْ أَحْسَنَ بِىٓ إِذْ أَخْرَجَنِى مِنَ ٱلسِّجْنِ وَجَآءَ بِكُم مِّنَ ٱلْبَدْوِ مِنۢ بَعْدِ أَن نَّزَغَ ٱلشَّيْطَٰنُ بَيْنِى وَبَيْنَ إِخْوَتِىٓ إِنَّ رَبِّى لَطِيفٌ لِّمَا يَشَآءُ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු ඔහුගේ දෙමාපියන් රාජාසානය මත ඔසවා තැබුවේ ය. තවද ඔවුහු ඔහුට හිස නැමූහ. තවද ‘මාගේ පියාණනි! මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සැබෑ කළේ ය. තවද සිරගෙයින් මා බැහැර කරන විට ද මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් කලහකම් ඇති කිරීමෙන් පසු පිටිසර ගම්මානයෙන් නුඹලාව ගෙන ආ විටද ඔහු මා සමඟ යහපත් අයුරින් කටයුතු කළේ ය. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට මෛත්‍රී ය. නියත වශයෙන් ම සර්වඥානී මහා ප්‍රඥාවන්තයා ඔහු මය’ යැයි කී ය.

See all translations of this verse →

رَبِّ قَدْ ءَاتَيْتَنِى مِنَ ٱلْمُلْكِ وَعَلَّمْتَنِى مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ أَنتَ وَلِىِّۦ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ تَوَفَّنِى مُسْلِمًا وَأَلْحِقْنِى بِٱلصَّٰلِحِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මට රාජ්‍ය බලයෙන් කොටසක් පිරිනැමුවෙහි ය. තවද සිවීම්වල යථාර්ථය ඉගැන්වූවෙහි ය. අහස් හා පොළොවේ නිර්මාපකයාණනි! මෙලොව හා මතු ලොවෙහි මාගේ භාරකරු ඔබ ය. මා (ඔබට) අවනත වන්නෙකු ලෙස මරණයට පත් කරනු මැනව! තවද දැහැමියන් සමඟ මා එක් කරනු මැනව!’ (යනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළේ ය.)

See all translations of this verse →

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوٓا۟ أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘(නබිවරය!) මෙය අපි නුඹ වෙත දන්වා සිටින අදෘශ්‍යමාන පුවත් අතරිනි. තවද ඔවුහු කුමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විෂයය සඳහා එක් රැස් වූ අවස්ථාවේ නුඹ ඔවුන් අබියස නො වීය.’

See all translations of this verse →

وَمَآ أَكْثَرُ ٱلنَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹ කෙතරම් ආශා කළ ද ජනයා අතරින් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වෙති.

See all translations of this verse →

وَمَا تَسْـَٔلُهُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මේ සඳහා නුඹ කිසිදු කුලියක් ඔවුන්ගෙන් නො පතන්නෙහි ය. මෙය ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.

See all translations of this verse →

وَكَأَيِّن مِّنْ ءَايَةٍ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි හා මහපොළොවේ කෙතරම් නම් සාධක වී ද? නමුත් ඔවුහු ඒ ගැන පිටුපාමීන් ඒ හරහා ගමන් කරති.

See all translations of this verse →

وَمَا يُؤْمِنُ أَكْثَرُهُم بِٱللَّهِ إِلَّا وَهُم مُّشْرِكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගෙන් බහුතරයක් දෙනා, ඔවුන් ආදේශ කරන්නන් ලෙස සිටිමින් මිස අල්ලාහ්ව විශ්වාස නො කරති.

See all translations of this verse →

أَفَأَمِنُوٓا۟ أَن تَأْتِيَهُمْ غَٰشِيَةٌ مِّنْ عَذَابِ ٱللَّهِ أَوْ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ දඬුවමින් වෙළාගන්නා වූ ව්‍යසනයක් ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුහු හැඟීමකින් තොරව සිටිය දී හදිසියේම අවසන් හෝරාව පැමිණීම ගැන හෝ ඔවුහු අභයදායීව සිටින්නෝ ද?

See all translations of this verse →

قُلْ هَٰذِهِۦ سَبِيلِىٓ أَدْعُوٓا۟ إِلَى ٱللَّهِ عَلَىٰ بَصِيرَةٍ أَنَا۠ وَمَنِ ٱتَّبَعَنِى وَسُبْحَٰنَ ٱللَّهِ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُشْرِكِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘මෙය මාගේ මාර්ගයයි. අල්ලාහ් වෙත මම ඇරයුම් කරමි. මා හා මා අනුගමනය කළවුන් පැහැදිලි සාධක මත සිටින්නන් ය. තවද අල්ලාහ් සුපිවිතුරු ය. මම ආදේශ කරන්නන් අතරින් කෙනෙකු නො වෙමි’ යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًا نُّوحِىٓ إِلَيْهِم مِّنْ أَهْلِ ٱلْقُرَىٰٓ أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَلَدَارُ ٱلْـَٔاخِرَةِ خَيْرٌ لِّلَّذِينَ ٱتَّقَوْا۟ أَفَلَا تَعْقِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹට පෙර ගම්වාසීන් අතරින් සිටි පුරුෂයින් හැර අපි දහම් දූතවරු ලෙස නො එව්වෙමු. ඔවුන් වෙත අපි දේව පණිවිඩය පහළ කළෙමු. ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු මහපොළොවෙහි සැරිසරා ගවේෂණය කර නො බැලුවෝ ද? තවද බිය බැතිමත් අයට අවසන් නිවහන උතුම් ය. නුඹලා වටහා නො ගන්නෙහු ද?

See all translations of this verse →

حَتَّىٰٓ إِذَا ٱسْتَيْـَٔسَ ٱلرُّسُلُ وَظَنُّوٓا۟ أَنَّهُمْ قَدْ كُذِبُوا۟ جَآءَهُمْ نَصْرُنَا فَنُجِّىَ مَن نَّشَآءُ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ ٱلْقَوْمِ ٱلْمُجْرِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerරසූල්වරුන් බලාපොරොත්තු සුන් කර ගත් විට නියත වශයෙන් ම තමන් බොරු කරනු ලැබූ බව සිතූහ. (එවිට) අපගේ උපකාරය ඔවුන් වෙත පැමිණියේ ය. එවිට අප අභිමත කරන අයව මුදවා ගනු ලැබී ය. තවද අපගේ දඬුවම වැරදිකාර ජනයාගෙන් වළක්වනු නො ලැබේ.

See all translations of this verse →

لَقَدْ كَانَ فِى قَصَصِهِمْ عِبْرَةٌ لِّأُو۟لِى ٱلْأَلْبَٰبِ مَا كَانَ حَدِيثًا يُفْتَرَىٰ وَلَٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَىْءٍ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම ඔවුන්ගේ කතා වස්තුවල බුද්ධිය ඇත්තවුනට පාඩමක් විය. එය ගොතනු ලැබූ කතාවක් නො වීය. එනමුත් ඔවුන් අතර ඇති දෑ තහවුරු කරන්නක් ද සියලු දෑ විස්තර කරන්නක් ද විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා දයාවක් ද විය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70