وَدَخَلَ مَعَهُ ٱلسِّجْنَ فَتَيَانِ قَالَ أَحَدُهُمَآ إِنِّىٓ أَرَىٰنِىٓ أَعْصِرُ خَمْرًا وَقَالَ ٱلْـَٔاخَرُ إِنِّىٓ أَرَىٰنِىٓ أَحْمِلُ فَوْقَ رَأْسِى خُبْزًا تَأْكُلُ ٱلطَّيْرُ مِنْهُ نَبِّئْنَا بِتَأْوِيلِهِۦٓ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු සමඟ සිරගෙයට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළු වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ‘සැබැවින් ම මම මත්පැන් පෙරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. තවද අනෙකා ‘සැබැවින් ම මම ද මාගේ හිසට ඉහළින් මා රොටියක් උසුලමින් සිටියෙමි. පක්ෂියකු ඉන් අනුභව කරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. ‘එහි යථාර්ථය ඔබ අපට දන්වා සිටිනු. සැබැවින් ම අපි ඔබව දැහැමියන් අතරින් දකිමු’ (යැයි තවදුරටත් පවසා සිටියහ.)