caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Yusuf, වාක්‍ය 21

මක්කා · revelation order 53 · 12:21

وَقَالَ ٱلَّذِى ٱشْتَرَىٰهُ مِن مِّصْرَ لِٱمْرَأَتِهِۦٓ أَكْرِمِى مَثْوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًا وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمْرِهِۦ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මිස්රයේ දී ඔහුව මිලට ගත් අය තම බිරිය අමතා ‘මොහුගේ නවාතැන ගෞරවයෙන් රැක බලා ගනු. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු’ යැයි පැවසුවේ ය. අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ එලෙස ය. තවද අපි ඔහුට සිදුවීම්වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නා ය. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70