caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Jumu'a الجمعة

වාක්‍ය 11 · මදීනා · revelation order 110

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يُسَبِّحُ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ٱلْمَلِكِ ٱلْقُدُّوسِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. (ඔහු) රජු ය. පාරිශුද්ධ ය. සර්ව බලධාරී ය. මහා ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

هُوَ ٱلَّذِى بَعَثَ فِى ٱلْأُمِّيِّـۧنَ رَسُولًا مِّنْهُمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَٰلٍ مُّبِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු වනාහි ලිවීමට හෝ කියවීමට නොහැකි අය අතරට ඔහුගේ වදන් ඔවුනට පාරායනය කර පෙන්වන, තවද ඔවුන් පිවිතුරු කරන, එමෙන් ම ධර්ම ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන ධර්ම දූතයකු එවීය. මීට පෙර ඔවුහු පැහැදිලි මුළාවක සිටියෝ ය.

See all translations of this verse →

وَءَاخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا۟ بِهِمْ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් සමඟ මෙතෙක් එකතු නො වූ, ඔවුන් අතර වන පසුගාමීන් අතරට ද (එවීය.) තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඑය අල්ලාහ්ගේ භාග්‍යයකි. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. තවද අල්ලාහ් අතිමහත් වූ භාග්‍යය සම්පන්න ය.

See all translations of this verse →

مَثَلُ ٱلَّذِينَ حُمِّلُوا۟ ٱلتَّوْرَىٰةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ ٱلْحِمَارِ يَحْمِلُ أَسْفَارًۢا بِئْسَ مَثَلُ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතව්රාතය උසුලන්නට සලස්වනු ලැබ, පසුව එය නො ඉසිලූ අයට උපමාව පොත් පොදියක් උසුලන බූරුවාගේ උපමාව වැනි ය. අල්ලාහ්ගේ වදන් බොරු කළ ජනයාගේ උපමාව නපුරු විය. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.

See all translations of this verse →

قُلْ يَٰٓأَيُّهَا ٱلَّذِينَ هَادُوٓا۟ إِن زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَآءُ لِلَّهِ مِن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُا۟ ٱلْمَوْتَ إِن كُنتُمْ صَٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Center“අහෝ යුදෙව් වූවනි! සෙසු ජනයාට වඩා නියත වශයෙන් ම නුඹලා අල්ලාහ්ගේ සුමිතුරන් යැයි තරයේ විශ්වාස කළෙහු නම් එසේ ම නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා මරණයට ආශා කරනු” යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

وَلَا يَتَمَنَّوْنَهُۥٓ أَبَدًۢا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුහු එය (මරණය) කිසිවිටෙක ආශා නො කරති. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳව සර්ව ඥානී ය.

See all translations of this verse →

قُلْ إِنَّ ٱلْمَوْتَ ٱلَّذِى تَفِرُّونَ مِنْهُ فَإِنَّهُۥ مُلَٰقِيكُمْ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම නුඹලා එයින් පලා යන මරණය වනාහි සැබැවින් ම එය නුඹලාව හමුවනු ඇත. පසුව අදෘශ්‍ය දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥයාණන් වෙත නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහු ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දන්වනු ඇත.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نُودِىَ لِلصَّلَوٰةِ مِن يَوْمِ ٱلْجُمُعَةِ فَٱسْعَوْا۟ إِلَىٰ ذِكْرِ ٱللَّهِ وَذَرُوا۟ ٱلْبَيْعَ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ දේවත්වය විශ්වාස කළවුනි! ජුමුආ (සිකුරාදා) දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලුව යනු. තවද ව්‍යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට යහපත් ය.

See all translations of this verse →

فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُوا۟ فِى ٱلْأَرْضِ وَٱبْتَغُوا۟ مِن فَضْلِ ٱللَّهِ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ

Sinhalese Translation - Rowwad Translation Centerසලාතය ඉටු කිරීම අවසන් කරනු ලැබූ විට නුඹලා මහපොළොවේ විසිර ගොස් අල්ලාහ්ගේ භාග්‍යය සොයනු. තවද නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරනු.

See all translations of this verse →

وَإِذَا رَأَوْا۟ تِجَٰرَةً أَوْ لَهْوًا ٱنفَضُّوٓا۟ إِلَيْهَا وَتَرَكُوكَ قَآئِمًا قُلْ مَا عِندَ ٱللَّهِ خَيْرٌ مِّنَ ٱللَّهْوِ وَمِنَ ٱلتِّجَٰرَةِ وَٱللَّهُ خَيْرُ ٱلرَّٰزِقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත්, ඔවුහු යම් වෙළඳාමක් හෝ යම් විනෝදයක් දුටු විට, නුඹව සිටගත් තත්ත්වයේම අත හැර දමා ඒ වෙත ඔවුහු යති. අල්ලාහ් අබියස ඇති දෑ විනෝදයට හා වෙළඳාමට වඩා ශ්‍රේෂ්ඨ ය. තවද අල්ලාහ් පෝෂකයින්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨ ය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70