ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَٰرِهِم بِغَيْرِ حَقٍّ إِلَّآ أَن يَقُولُوا۟ رَبُّنَا ٱللَّهُ وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَٰمِعُ وَبِيَعٌ وَصَلَوَٰتٌ وَمَسَٰجِدُ يُذْكَرُ فِيهَا ٱسْمُ ٱللَّهِ كَثِيرًا وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු අපගේ පරමාධිපති අල්ලාහ්ය යැයි පැවසීම හේතුවෙන් මිස කිසිදු අයිතියකින් තොරව ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර කරනු ලැබූවෝ වෙති. ජනයා, ඇතැමෙකු විසින් ඇතැමෙකුව අල්ලාහ් නො වැළැක්වූයේ නම් ආරාම, කිතුනු දේවස්ථාන, යුදෙව් නැමදුම් ස්ථාන හා අල්ලාහ්ගේ නාමය අධිකව එහි මෙනෙහි කරනු ලබන මස්ජිදයන් විනාශ කරනු ලබන්නට තිබුණි. කවරෙකු ඔහුට (අල්ලාහ්ට) උදව් කරන්නේ ද නියත වශයෙන් ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් අතිබලවත්ය; සර්ව බලධාරී ය.