أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَسْجُدُ لَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ وَٱلنُّجُومُ وَٱلْجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٌ مِّنَ ٱلنَّاسِ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ ٱلْعَذَابُ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكْرِمٍ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يَشَآءُ
Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි සිටින අය ද, මහපොළොවේ සිටින අය ද, හිරු ද, සඳු ද, තාරකා ද, කඳු ද, ගස් ද, සතුන් ද ජනයා අතරින් බහුතරයක් දෙනා ද නියත වශයෙන් ම අල්ලාහ්ට සුජූද් කරනු නුඹ නො දුටුවෙහි ද? නමුත් බහුතරයක් දෙනා කෙරෙහි දඬුවම නියම විය. අල්ලාහ් කවරෙකු අවමන් කළේ ද එවිට ගරු කරන කිසිවකු ඔහුට නොමැත. නියත වශයෙන් ම අල්ලාහ් ඔහු අභිමත කරන දෑ සිදු කරයි.