مِّنَ ٱلَّذِينَ هَادُوا۟ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَٱسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَٰعِنَا لَيًّۢا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِى ٱلدِّينِ وَلَوْ أَنَّهُمْ قَالُوا۟ سَمِعْنَا وَأَطَعْنَا وَٱسْمَعْ وَٱنظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَٰكِن لَّعَنَهُمُ ٱللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا
Sinhalese Translation - Rowwad Translation Centerවචන එහි (නියමිත) ස්ථානයෙන් වෙනස් කරන අය යුදෙව් වූවන් අතුරින් වෙති. එමෙන් ම ඔවුන් අපි සවන් දුනිමු, අපි පිටුපෑ වෙමු යැයි ද ඇහුම්කන් දීමකින් තොරව නුඹ සවන් දෙනු යැයි ද (විකෘති අදහසක් ගෙන දෙන) "රාඉනා" යැයි ද දහමෙහි අඩු පාඩු නගමින් වචන වෙනස් කර පවසති. ඔවුන් අපි සවන් දුනිමු, අවනත වූයෙමු යැයි ද සවන් දෙනු යැයි ද "උන්ළුර්නා" (අප ගැන සැලකිලිමත් වනු) යැයි ද පවසා සිටියේ නම් එය ඔවුනට යහපතක් වන්නට තිබුණි. තවද වඩාත් නිවැරැදි වන්නට ද තිබුණි. එනමුත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේ ය. එහෙයින් ස්වල්ප දෙනකු මිස ඔවුහු විශ්වාස නො කරති.