إِلَّا ٱلَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌ أَوْ جَآءُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَٰتِلُوكُمْ أَوْ يُقَٰتِلُوا۟ قَوْمَهُمْ وَلَوْ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَٰتَلُوكُمْ فَإِنِ ٱعْتَزَلُوكُمْ فَلَمْ يُقَٰتِلُوكُمْ وَأَلْقَوْا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ فَمَا جَعَلَ ٱللَّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلًا
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් නුඹලා අතර හා ඔවුන් අතර ගිවිසුමක් ඇති පිරිසක් සමඟ සේන්දු වන අය හෝ නුඹලා සමඟ සටන් වැදීමෙන් හා ඔවුන්ගේ පිරිස සමඟ සටන් වැදීමෙන් තම හදවත් මැඩ පවත්වා ගනිමින් නුඹලා වෙත පැමිණි අය හෝ හැර. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා මත බලය පවත්වන්නන් බවට ඔවුන්ව ඔහු පත් කර පසුව ඔවුහු නුඹලා සමඟ සටන් වදින්නට තිබිණ. එබැවින් ඔවුන් නුඹලාගෙන් ඉවත්ව නුඹලා සමඟ සටන් නො වැද නුඹලාට සාමය ඉදිරිපත් කළේ නම් ඔවුනට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට අල්ලාහ් නුඹලාට කිසිදු මගක් ඇති නො කළේ ය.