caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Maaida, වාක්‍ය 5

මදීනා · revelation order 112 · 5:5

ٱلْيَوْمَ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُ وَطَعَامُ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَّهُمْ وَٱلْمُحْصَنَٰتُ مِنَ ٱلْمُؤْمِنَٰتِ وَٱلْمُحْصَنَٰتُ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ إِذَآ ءَاتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَٰفِحِينَ وَلَا مُتَّخِذِىٓ أَخْدَانٍ وَمَن يَكْفُرْ بِٱلْإِيمَٰنِ فَقَدْ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِى ٱلْـَٔاخِرَةِ مِنَ ٱلْخَٰسِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅද දින පිවිතුරු දෑ නුඹලාට අනුමත කරන ලදි. තවද ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අයගේ ආහාර නුඹලාට අනුමත ය. නුඹලාගේ ආහාර ද ඔවුනට අනුමත ය. දේවත්වය විශ්වාස කරන්නියන් අතරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලාට පෙර ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූවන් අතරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලා ඔවුනට දිය යුතු ඔවුන්ගේ (මහර් හෙවත්) කුලිය පිරිනමා අනියම් බිරියන් ලෙස හෝ ගණිකාවන් ලෙස හෝ නො ගෙන, විවාහකයින් ලෙස ගැනීමට අනුමැතිය ඇත. කවරෙකු (දෙවියන් පිළිබඳව වූ) විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින් ම ඔහුගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. මතු ලොවෙහි ඔහු අලාභවන්තයින් අතරිනි.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70