مَا كَانَ لِأَهْلِ ٱلْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ ٱلْأَعْرَابِ أَن يَتَخَلَّفُوا۟ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرْغَبُوا۟ بِأَنفُسِهِمْ عَن نَّفْسِهِۦ ذَٰلِكَ بِأَنَّهُمْ لَا يُصِيبُهُمْ ظَمَأٌ وَلَا نَصَبٌ وَلَا مَخْمَصَةٌ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَطَـُٔونَ مَوْطِئًا يَغِيظُ ٱلْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّ نَّيْلًا إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٌ صَٰلِحٌ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerමදීනාවාසීන්ට හා ඔවුන් අවට සිටි ගම්බද අරාබිවරුන්ගෙන් කිසිවකුට අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඉවත්ව පසුබැස රැඳී සිටීමට සුදුසු නො වීය. තවද ඔහුගේ ප්‍රාණයට වඩා ඔවුන්ගේ ප්‍රාණවලට ආශා කිරීම ද සුදුසු නො වීය. හේතුව එය අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වදින විට) පිපාසයක් හෝ දුර්භාග්‍යයක් හෝ කුසගින්නක් හෝ ඔවුනට අත්වුව ද ඔවුන් පය තබන තැන්හි දේව ප්‍රතික්ෂේපකයින් කෝප කරන අයුරින් පය තැබුව ද සතුරකුගෙන් යම් ප්‍රහාරයක් අත් වුව ද එය ඔවුනට දැහැමි ක්‍රියාවක් ලෙසින් මිස සටහන් කරනු නො ලබන බැවිනි. නියත වශයෙන් අල්ලාහ් සදැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරයි.