caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා At-Talaaq, වාක්‍ය 1

මදීනා · revelation order 99 · 65:1

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِذَا طَلَّقْتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا۟ ٱلْعِدَّةَ وَٱتَّقُوا۟ ٱللَّهَ رَبَّكُمْ لَا تُخْرِجُوهُنَّ مِنۢ بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّآ أَن يَأْتِينَ بِفَٰحِشَةٍ مُّبَيِّنَةٍ وَتِلْكَ حُدُودُ ٱللَّهِ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُۥ لَا تَدْرِى لَعَلَّ ٱللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ නබිවරය! නුඹලා බිරියන් දික්කසාද කරන විට ඔවුන්ගේ ඉද්දාව (පොරොත්තු කාලය) ගණන් කිරීමට පහසු වන අයුරින් නුඹලා ඔවුන් දික්කසාද කරනු. තවද ඉද්දා කාලය ගණනය කරනු. තවද නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ට බිය බැතිමත් වනු. පැහැදිලි දුරාචාරයක් සමඟ ඔවුන් පැමිණියා නම් මිස ඔවුන්ගේ නිවෙස්වලින් නුඹලා ඔවුන් පිටුවහල් නො කරනු. එමෙන් ම ඔවුන් ද පිටවිය නො යුතු ය. තවද එය අල්ලාහ්ගේ සීමාවන් ය. තවද කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නේ ද එවිට සැබැවින් ම ඔහු ඔහුට ම අපරාධ කර ගත්තේ ය. මින් පසුව යම් කරුණක් අල්ලාහ් ඇති කරන්නට පුළුවන යන වග නුඹ නො දන්නෙහි ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70