caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-An'aam, වාක්‍ය 151

මක්කා · revelation order 55 · 6:151

قُلْ تَعَالَوْا۟ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ أَلَّا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًٔا وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًا وَلَا تَقْتُلُوٓا۟ أَوْلَٰدَكُم مِّنْ إِمْلَٰقٍ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ وَلَا تَقْرَبُوا۟ ٱلْفَوَٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَلَا تَقْتُلُوا۟ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ

Sinhalese Translation - Rowwad Translation Center"එනු. නුඹලාගේ පරමාධිපති නුඹලාට තහනම් කළ දෑ මම නුඹලා වෙත කියවා පෙන්වමි" යැයි (නබිවරය!) නුඹ පවසනු. (ඒවා නම්) නුඹලා ඔහුට කිසිවක් ආදේශ නො කරන ලෙසත්, දෙමාපියන්ට උපකාරශීලීව කටයුතු කරන ලෙසත්, දිළිඳුකම හේතුවෙන් නුඹලාගේ දරුවන් ඝාතනය නො කරන ලෙසත් ය. නුඹලාට හා ඔවුනට පෝෂණය දෙනුයේ අප ම ය. එමෙන් ම නුඹලා අශික්ෂිත දැයින් මතුපිටින් පෙනෙන දෑ හා රහසිගත දෑට සමීප නො වන ලෙසත් ය. අල්ලාහ් නුඹලාට තහනම් කළ ආත්මයක් නුඹලා යුක්තියෙන් තොරව මිස ඝාතනය නො කරනු. මෙසේ එය නුඹලාට ඔහු උපදෙස් දෙනුයේ නුඹලා වටහා ගත හැකි වනු පිණිස ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70