caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Maaida, වාක්‍ය 106

මදීනා · revelation order 112 · 5:106

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ شَهَٰدَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلْمَوْتُ حِينَ ٱلْوَصِيَّةِ ٱثْنَانِ ذَوَا عَدْلٍ مِّنكُمْ أَوْ ءَاخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنتُمْ ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَأَصَٰبَتْكُم مُّصِيبَةُ ٱلْمَوْتِ تَحْبِسُونَهُمَا مِنۢ بَعْدِ ٱلصَّلَوٰةِ فَيُقْسِمَانِ بِٱللَّهِ إِنِ ٱرْتَبْتُمْ لَا نَشْتَرِى بِهِۦ ثَمَنًا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ وَلَا نَكْتُمُ شَهَٰدَةَ ٱللَّهِ إِنَّآ إِذًا لَّمِنَ ٱلْـَٔاثِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගෙන් කිසිවකුට මරණය පැමිණි විට ඔහු අන්තිම කැමැත්ත පවසන අවස්ථාවේ නුඹලාගෙන් යුක්තිගරුක දෙදෙනෙකු නුඹලා අතර සාක්ෂි වශයෙන් සිටිය යුතු ය. නැතහොත්, නුඹලා මිහිතලයේ ගමනක නියැළී මරණයේ අභාග්‍යය නුඹලාට අත් වූයේ නම් නුඹලා අතරින් නො වූ වෙනත් දෙදෙනකු සාක්ෂි වශයෙන් සිටිය යුතු ය. (උරුමක්කරුවන් වන) නුඹලා සැක සිතන්නෙහු නම් සලාතයෙන් පසුව ඔවුන් දෙදනා රඳවා ගනු. අපි මෙ(සේ සාක්ෂි පැවසීම) මඟින් කිසිදු මිලක් ලබා නො ගනිමු. ඔහු සමීප ඥාතියකු වුව ද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි පැවසීමෙහි කිසිවක් වසන් නො කරන්නෙමු. (එසේ අප කළේ නම්) සැබැවින් ම අපි එවිට පාපතරයින්ගෙන් වන්නෙමු යැයි අල්ලාහ් මත ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතු ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70