caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 286

මදීනා · revelation order 87 · 2:286

لَا يُكَلِّفُ ٱللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا ٱكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَآ إِن نَّسِينَآ أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَآ إِصْرًا كَمَا حَمَلْتَهُۥ عَلَى ٱلَّذِينَ مِن قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِۦ وَٱعْفُ عَنَّا وَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَآ أَنتَ مَوْلَىٰنَا فَٱنصُرْنَا عَلَى ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයට ය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයට ය. ‘අපගේ පරමාධිපතියාණනි! අප (යමක්) අමතක කළේ නම් හෝ අප වරදක් කළේ නම් හෝ අපව දඬුවමට ග්‍රහණය නො කරනු මැනව! තවද අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක් උසුලන්නට නො සලස්වනු මැනව! කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නො පටවනු මැනව! (අප කළ වැරදි) අපගෙන් නො සලකා හරිනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! ඔබ අපගේ භාරකරු ය. එබැවින් දේව ප්‍රතික්ෂේපිත පිරිසට එරෙහිව අපට උදව් කරනු මැනව!’
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70