وَإِن كُنتُمْ عَلَىٰ سَفَرٍ وَلَمْ تَجِدُوا۟ كَاتِبًا فَرِهَٰنٌ مَّقْبُوضَةٌ فَإِنْ أَمِنَ بَعْضُكُم بَعْضًا فَلْيُؤَدِّ ٱلَّذِى ٱؤْتُمِنَ أَمَٰنَتَهُۥ وَلْيَتَّقِ ٱللَّهَ رَبَّهُۥ وَلَا تَكْتُمُوا۟ ٱلشَّهَٰدَةَ وَمَن يَكْتُمْهَا فَإِنَّهُۥٓ ءَاثِمٌ قَلْبُهُۥ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා ගමනක සිටිය දී ලේඛනගත කරන්නෙකු නුඹලා නො ලැබුවෙහු නම් එවිට උකසක් අත්පත් කර ගනු ලැබේ. එහෙත් නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුව විශ්වාස කළේ නම් විශ්වාස කරනු ලැබූ අය ඔහුගේ වගකීම ඉටු කරත්වා. තවද ඔහුගේ පරමාධිපතිට බියබැතිමත් වෙත්වා. තවද නුඹලා සාක්ෂිය වසන් නො කරනු. කවරෙකු එය වසන් කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු ඔහුගේ හදවත පාපී අයෙකි. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය.