لِّلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَإِن تُبْدُوا۟ مَا فِىٓ أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ ٱللَّهُ فَيَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
Sinhalese Translation - Rowwad Translation Centerඅහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද අල්ලාහ් සතු ය. නුඹලාගේ හදවත් තුළ ඇති දෑ නුඹලා හෙළිදරව් කරන්නේ නම් හෝ එය නුඹලා සඟවන්නේ නම් හෝ ඒ පිළිබඳව අල්ලාහ් නුඹලාගෙන් පශ්න කරන්නේ ය. පසුව ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේ ය. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.