caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 196

මදීනා · revelation order 87 · 2:196

وَأَتِمُّوا۟ ٱلْحَجَّ وَٱلْعُمْرَةَ لِلَّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا ٱسْتَيْسَرَ مِنَ ٱلْهَدْىِ وَلَا تَحْلِقُوا۟ رُءُوسَكُمْ حَتَّىٰ يَبْلُغَ ٱلْهَدْىُ مَحِلَّهُۥ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ بِهِۦٓ أَذًى مِّن رَّأْسِهِۦ فَفِدْيَةٌ مِّن صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَآ أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِٱلْعُمْرَةِ إِلَى ٱلْحَجِّ فَمَا ٱسْتَيْسَرَ مِنَ ٱلْهَدْىِ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٍ فِى ٱلْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَٰلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُۥ حَاضِرِى ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු. එහෙත් නුඹලා (ඒවා ඉටු කළ නොහැකි පරිදි) කොටු කරනු ලැබුවෙහු නම් (සත්ව) කැප කිරීමෙන් තමන්ට පහසු දෑ දිය යුතු ය. තවද කැප කිරීමට නියමිත සත්වයා එයට නියමිත ස්ථානයට ළඟා වන තෙක් නුඹලාගේ හිස් මුඩු නො කරනු. එහෙත් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකුව හෝ තම හිසෙහි තමන්ට වේදනාවක් වූයේ නම් හෝ (හිස මුඩු කිරීමට සිදු වූයේ නම්) එවිට උපවාසයේ නියැළීමෙන් හෝ දානයකින් හෝ සත්ව කැප කිරීමකින් හෝ වන්දියක් ලබා දිය යුතු ය. එහෙත් (හජ් සහ උම්රාව වළක්වන බාධකය ඉවත් වී) නුඹලා අභයදායී තත්ත්වයට පත් වූ විට, යමෙක් උම්රා ඉටු කර (ඉහ්රාමයෙන් තොරව) හජ් දක්වා සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතු ය. එහෙත් ඔහු (එය) නො ලැබුවේ නම් එවිට හජ්හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැළිය යුතුය. එය ශුද්ධ මස්ජිදය අවට පදිංචි කරුවන් සඳහා නො වේ. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද සැබැවින් ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව නුඹලා දැන ගනු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70