ٱلْحَجُّ أَشْهُرٌ مَّعْلُومَٰتٌ فَمَن فَرَضَ فِيهِنَّ ٱلْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِى ٱلْحَجِّ وَمَا تَفْعَلُوا۟ مِنْ خَيْرٍ يَعْلَمْهُ ٱللَّهُ وَتَزَوَّدُوا۟ فَإِنَّ خَيْرَ ٱلزَّادِ ٱلتَّقْوَىٰ وَٱتَّقُونِ يَٰٓأُو۟لِى ٱلْأَلْبَٰبِ
Sinhalese Translation - Rowwad Translation Centerහජ් වන්දනාව හඳුනන මාසයන්හි ය. එබැවින් ඒවායෙහි කවරෙකු හජ් වන්දනාව අනිවාර්ය කරගත්තේ ද, හජ් සමයේ දී ඔහු ලිංගිකව නො හැසිරිය යුතු ය. පාපකම් නො කළ යුතු ය. තර්කයන්හි නිරත නො විය යුතු ය. නුඹලා යම් යහපතක් කරන්නේ නම් එය අල්ලාහ් දන්නේ ය. තවද නුඹලා (හජ් සඳහා අවශ්‍ය දෑ) පොදි බැඳ ගනු. එහෙත් පොදියෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ බියබැතිමත් භාවයයි. තවද අහෝ බුද්ධිය ඇත්තනි! නුඹලා මට බිය වනු.