يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنفِقُوا۟ مِن طَيِّبَٰتِ مَا كَسَبْتُمْ وَمِمَّآ أَخْرَجْنَا لَكُم مِّنَ ٱلْأَرْضِ وَلَا تَيَمَّمُوا۟ ٱلْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِـَٔاخِذِيهِ إِلَّآ أَن تُغْمِضُوا۟ فِيهِ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ غَنِىٌّ حَمِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට මහපොළොවෙන් මතු කළ දැයින් ද නුඹලා වියදම් කරනු. එයින් අයහපත් දෑ වියදම් කිරීමට නො සිතනු. නුඹලාගේ දෑස් වසා ගනිමින් මිස නුඹලා එවැනි දෑ ලබා ගන්නන් නො වන්නෙහු ය. තවද සැබැවින් ම අල්ලාහ් සියලු අවශ්‍යතාවන්ගෙන් තොර වූ ප්‍රශංසාලාභී බව නුඹලා දැන ගනු.