caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 178

මදීනා · revelation order 87 · 2:178

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُتِبَ عَلَيْكُمُ ٱلْقِصَاصُ فِى ٱلْقَتْلَى ٱلْحُرُّ بِٱلْحُرِّ وَٱلْعَبْدُ بِٱلْعَبْدِ وَٱلْأُنثَىٰ بِٱلْأُنثَىٰ فَمَنْ عُفِىَ لَهُۥ مِنْ أَخِيهِ شَىْءٌ فَٱتِّبَاعٌۢ بِٱلْمَعْرُوفِ وَأَدَآءٌ إِلَيْهِ بِإِحْسَٰنٍ ذَٰلِكَ تَخْفِيفٌ مِّن رَّبِّكُمْ وَرَحْمَةٌ فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ විශ්වාස කළවුනි! ඝාතනය කරනු ලැබූවන් සම්බන්ධයෙන් සමප්‍රතිචාර දැක්වීම ඔබලාට නියම කරනු ලැබ ඇත. ස්වාධීනයෙක් ස්වාධීනයෙකු වෙනුවෙන් ද වහලෙක් වහලෙකු වෙනුවෙන් ද ස්ත්‍රියක් ස්ත්‍රියක වෙනුවෙන් ද (සමප්‍රතිචාරය) විය යුතු ය. එහෙයින් ඔහුට (ඝාතකයාට) ඔහුගේ සහෝදරයාගෙන් (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ ලේ උරුමක්කාරයාගෙන්) සුලු වශයෙන් හෝ ක්ෂමාවක් ලැබුණොත් යහපත් ලෙස කටයුතු කළ යුතු ය. (ඝාතකයා වන්දි මුදල) නිසි ලෙස ඔවුන් වෙත භාරදිය යුතු ය. එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයක් හා දයාවකි. එහෙත් කවරෙකු ඉන් පසුව සීමාව ඉක්මවා යන්නේ ද එවිට ඔහුට වේදනීය දඬුවම ඇත.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70