caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Ibrahim, වාක්‍ය 22

මක්කා · revelation order 72 · 14:22

وَقَالَ ٱلشَّيْطَٰنُ لَمَّا قُضِىَ ٱلْأَمْرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمْ وَعْدَ ٱلْحَقِّ وَوَعَدتُّكُمْ فَأَخْلَفْتُكُمْ وَمَا كَانَ لِىَ عَلَيْكُم مِّن سُلْطَٰنٍ إِلَّآ أَن دَعَوْتُكُمْ فَٱسْتَجَبْتُمْ لِى فَلَا تَلُومُونِى وَلُومُوٓا۟ أَنفُسَكُم مَّآ أَنَا۠ بِمُصْرِخِكُمْ وَمَآ أَنتُم بِمُصْرِخِىَّ إِنِّى كَفَرْتُ بِمَآ أَشْرَكْتُمُونِ مِن قَبْلُ إِنَّ ٱلظَّٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියෝගය තීන්දු කරනු ලැබූ කල්හි ෂෙයිතාන් (අපාගතවූවන් අමතා) මෙසේ පවසයි. නියත වශයෙන් ම අල්ලාහ් සැබෑ ප්‍රතිඥාවකින් නුඹලාට ප්‍රතිඥා දී ඇත. තවද මම ද නුඹලාට ප්‍රතිඥා දී මම නුඹලාට (එය) කඩ කළෙමි. මා නුඹලා ඇරයුම් කළෙමි. එයට නුඹලා පිළිතුරු දුන්නෙහු ය. ඒ මිස වෙනත් කිසිදු සාක්ෂියක් නුඹලාට එරෙහිව මා වෙත නො වීය. එබැවින් නුඹලා මට දොස් නො පවරනු. නුඹලා නුඹලාට ම දොස් පවරා ගනු. මම නුඹලාගේ ගැලවුම්කරු නො වෙමි. නුඹලා ද මාගේ ගැලවුම්කරුවන් නො වන්නෙහුය. නියත වශයෙන් ම මීට පෙර නුඹලා මට කළ ආදේශයන් මම ප්‍රතික්ෂේප කළෙමි. නියත වශයෙන් ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70