يَحْلِفُونَ بِٱللَّهِ مَا قَالُوا۟ وَلَقَدْ قَالُوا۟ كَلِمَةَ ٱلْكُفْرِ وَكَفَرُوا۟ بَعْدَ إِسْلَٰمِهِمْ وَهَمُّوا۟ بِمَا لَمْ يَنَالُوا۟ وَمَا نَقَمُوٓا۟ إِلَّآ أَنْ أَغْنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضْلِهِۦ فَإِن يَتُوبُوا۟ يَكُ خَيْرًا لَّهُمْ وَإِن يَتَوَلَّوْا۟ يُعَذِّبْهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمًا فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَمَا لَهُمْ فِى ٱلْأَرْضِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ
Sinhalese Translation - Rowwad Translation Centerතමන් නො පැවසූ බවට අල්ලාහ් මත ඔවුහු දිවුරති. එහෙත් ඔවුහු ප්‍රතික්ෂේපයේ වදන පැවසුවෝ ය. ඔවුහු ඉස්ලාමය පිළිගත් පසු එය ප්‍රතික්ෂේප කළෝ ය. ඔවුනට නො ලැබුණු දෑ අපේක්ෂා කළෝ ය. තම භාග්‍යයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුන්ව ධනවත් කිරීමේ හේතුව මිස ඔවුන් කෝප වීමට වෙනෙකක් නො වීය. එහෙත් ඔවුන් පසුතැවිලි වී යොමු වන්නේ නම් එය ඔවුනට යහපතක් වනු ඇත. එමෙන් ම ඔවුන් පිටුපා යන්නේ නම් මෙලොවදී හා මතු ලොවදී අල්ලාහ් ඔවුනට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. තවද මහපොළොවේ කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔවුනට නොමැත.