هَلْ يَنظُرُونَ إِلَّا تَأْوِيلَهُۥ يَوْمَ يَأْتِى تَأْوِيلُهُۥ يَقُولُ ٱلَّذِينَ نَسُوهُ مِن قَبْلُ قَدْ جَآءَتْ رُسُلُ رَبِّنَا بِٱلْحَقِّ فَهَل لَّنَا مِن شُفَعَآءَ فَيَشْفَعُوا۟ لَنَآ أَوْ نُرَدُّ فَنَعْمَلَ غَيْرَ ٱلَّذِى كُنَّا نَعْمَلُ قَدْ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමොවුහු එහි අවසානය මිස වෙනකක් බලාපොරොත්තු වන්නෙහු ද? එහි අවසානය පැමිණෙන දින මීට පෙර එය අමතක කළවුන් ‘සැබැවින් ම අපගේ පරමාධිපතියාණන්ගේ දූතවරු අප වෙත පැමිණියේම ය. අප වෙනුවෙන් මැදිහත්වන්නන් සිටින්නේ ද? එසේ නම් ඔවුහු අප වෙනුවෙන් මැදිහත් වෙත්වා! එසේ නැතහොත් අපි නැවත හරවා යවනු ලබන්නෙමු ද? එවිට අපි කරමින් සිටි දෑ නො වන වෙනත් දෑ සිදු කළ හැකි වන්නේ යැයි පවසති. සැබැවින් ම ඔවුන් ඔවුන්ට ම අලාභහානි සිදු කර ගත්තෝ ය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් මුළා කළේ ය.