وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِىَ إِلَىَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَىْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَآ أَنزَلَ ٱللَّهُ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ فِى غَمَرَٰتِ ٱلْمَوْتِ وَٱلْمَلَٰٓئِكَةُ بَاسِطُوٓا۟ أَيْدِيهِمْ أَخْرِجُوٓا۟ أَنفُسَكُمُ ٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيْرَ ٱلْحَقِّ وَكُنتُمْ عَنْ ءَايَٰتِهِۦ تَسْتَكْبِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන්ට හෝ තමන් වෙත කිසිදු දේව පණිවිඩයක් දැනුම් දී නො තිබූ තත්ත්වයේ "මටත් දේව පණිවිඩ දෙනු ලැබීය" යැයි පවසන්නාට හෝ "අල්ලාහ් පහළ කළ දෑ මෙන් මම ද පහළ කරමි" යැයි පවසන්නාට වඩා මහත් අපරාධකරු කවරෙකු ද? තවද අපරාධකරුවන් මරණ වේදනාවෙහි සිටින අවස්ථාව නුඹ දකින්නෙහි නම් මලක්වරු තම අත් විහිදුවා "නුඹලාගේ ප්‍රාණ නුඹලා ම බැහැර කර ගනු" (යැයි පවසනු නුඹ දකිනු ඇත.) අල්ලාහ් කෙරෙහි සත්‍ය නො වන දෑ නුඹලා පවසමින් සිටි හෙයින් ද ඔහුගේ වදන් පිළිබඳව අහංකාරකමින් සිටි බැවින් ද අද දින නින්දිත දඬුවම ප්‍රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහු ය.