caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-An'aam, වාක්‍ය 91

මක්කා · revelation order 55 · 6:91

وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ إِذْ قَالُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٍ مِّن شَىْءٍ قُلْ مَنْ أَنزَلَ ٱلْكِتَٰبَ ٱلَّذِى جَآءَ بِهِۦ مُوسَىٰ نُورًا وَهُدًى لِّلنَّاسِ تَجْعَلُونَهُۥ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُوٓا۟ أَنتُمْ وَلَآ ءَابَآؤُكُمْ قُلِ ٱللَّهُ ثُمَّ ذَرْهُمْ فِى خَوْضِهِمْ يَلْعَبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු අයුරින් ඔවුහු ඔහුට ගරු බුහුමන් නො කළහ. මන්ද "අල්ලාහ් මිනිසා වෙත කිසිවක් පහළ නො කළේය" යැයි ඔවුහු පැවසූ බැවිනි. "ආලෝකයක් හා ජනයාට මඟපෙන්වීමක් ලෙසින් මූසා ගෙන ආ පුස්තකය පහළ කළේ කවු දැ?" යි (නබිවරය!) නුඹ අසනු. නුඹලා එය වෙන් වෙන් පත්‍රිකාවන් බවට පත් කොට ඒවා (සමහරක්) හෙළි කරන අතර බොහෝ දෑ නුඹලා සඟවන්නෙහු ය. නුඹලා හෝ නුඹලාගේ මුතුන්මිත්තන් හෝ නොදැන සිටි දෑ නුඹලාට (එමඟින්) උගන්වනු ලැබී ය. (නබිවරය! එය පහළ කළේ) අල්ලාහ් යැයි පවසනු. ඔවුන් නිරතව සිටින දෑහි සෙල්ලම් කිරීමට ඔවුන්ව අතහැර දමනු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70