يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِۦ فَسَوْفَ يَأْتِى ٱللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلْكَٰفِرِينَ يُجَٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَآئِمٍ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අතරින් කවරෙකු තම දහමින් හැරී යන්නේ ද එවිට ඔහු ඔවුන්ව ප්‍රිය කරන ඔවුහු ද ඔහුව ප්‍රිය කරන තවත් පිරිසක් අල්ලාහ් ගෙන එනු ඇත. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන්හට නිහතමානී වෙති. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමඟ ඉතා දැඩිව සිටිති. අල්ලාහ්ගේ මාර්ගයේ කැප වෙති. කිසිදු දොස් කියන්නෙකුගේ දොසට බිය නො වෙති. එය අල්ලාහ්ගේ භාග්‍යයයි. තමන් අභිමත කරන අයට ඔහු එය පිරිනමයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්වඥානී ය.