إِذْ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبْنَ مَرْيَمَ ٱذْكُرْ نِعْمَتِى عَلَيْكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ ٱلْقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًا وَإِذْ عَلَّمْتُكَ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَإِذْ تَخْلُقُ مِنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ بِإِذْنِى فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًۢا بِإِذْنِى وَتُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ بِإِذْنِى وَإِذْ تُخْرِجُ ٱلْمَوْتَىٰ بِإِذْنِى وَإِذْ كَفَفْتُ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَنكَ إِذْ جِئْتَهُم بِٱلْبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට අල්ලාහ් මෙසේ පවසයි. අහෝ මර්යම්ගේ පුත් ඊසා! නුඹ වෙත හා නුඹගේ මව වෙත වූ මාගේ ආශිර්වාදය ගැන සිහිපත් කරනු. පාරිශුද්ධ ආත්මය තුළින් මම නුඹට උපකාර කළ අවස්ථාවද සිහිපත් කරනු. තොටිල්ලෙහි ද තරුණ වියෙහි ද ජනයා සමඟ නුඹ කතා කළෙහි ය. තවද මම නුඹට ධර්මය ද ප්‍රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද ඉගැන් වූ අවස්ථාව ද සිහිපත් කරනු. මාගේ අනුමැතියෙන් පක්ෂියකුගේ හැඩයක් සේ යමක් මැටියෙන් තනා ඒ තුළ නුඹ පිඹූ විට මාගේ අනුමැතියෙන් එය පක්ෂියකු බවට පත් වූ අවස්ථාවද සිහිපත් කරනු. තවද මාගේ අනුමැතියෙන් උපතින් අන්ධභාවය ද ළාදුරු රෝගයද සුව කළෙහි ය. මාගේ අනුමැතියෙන් මියගියවුන් නුඹ බැහැර කළ අවස්ථාව ද සිහිපත් කරනු. (එසේ) පැහැදිලි සාධක ඉස්රාඊල් දරුවන්ට නුඹ ගෙනැවිත් ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුන් මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි පැවසූ විට මා ඔවුන්ව ඔබගෙන් මැඩලූ අවස්ථාව ද සිහිපත් කරනු.