سَيَقُولُ ٱلْمُخَلَّفُونَ إِذَا ٱنطَلَقْتُمْ إِلَىٰ مَغَانِمَ لِتَأْخُذُوهَا ذَرُونَا نَتَّبِعْكُمْ يُرِيدُونَ أَن يُبَدِّلُوا۟ كَلَٰمَ ٱللَّهِ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمْ قَالَ ٱللَّهُ مِن قَبْلُ فَسَيَقُولُونَ بَلْ تَحْسُدُونَنَا بَلْ كَانُوا۟ لَا يَفْقَهُونَ إِلَّا قَلِيلًا
Sinhalese Translation - Rowwad Translation Centerයුද බිමේ (සතුරා දමා ගිය) වස්තුව ගැනීම සඳහා “අපත් නුඹලා පසුපසින් එන්නට නුඹලා අපට ඉඩ දෙනුයි” පමා වී රැඳී සිටියවුන් කියති. අල්ලාහ්ගේ වදන වෙනස් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. “නුඹලා අප පසුපසින් නො පැමිණෙනු. මීට පෙර අල්ලාහ් පවසා සිටියේ ද එලෙසය” යැයි (නබිවරය!) නුඹ පවසනු. එවිට ඔවුහු, “එසේ නොව නුඹලා අපට ඊර්ෂ්‍යා කරන්නෙහුය” යැයි පවසනු ඇත. එසේ නොව ස්වල්පයක් මිස ඔවුහු වටහා නො ගන්නන් වූහ.