وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ وَقَفَّيْنَا مِنۢ بَعْدِهِۦ بِٱلرُّسُلِ وَءَاتَيْنَا عِيسَى ٱبْنَ مَرْيَمَ ٱلْبَيِّنَٰتِ وَأَيَّدْنَٰهُ بِرُوحِ ٱلْقُدُسِ أَفَكُلَّمَا جَآءَكُمْ رَسُولٌۢ بِمَا لَا تَهْوَىٰٓ أَنفُسُكُمُ ٱسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අපි මූසාට ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද ඔහුගෙන් පසුව ධර්ම දූතයින්ව අනුපිළිවෙළින් යැව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකයන් පිරිනැමු වෙමු. තවද පිවිතුරු ආත්මයෙන් ඔහුව අපි බලවත් කළෙමු. නුඹලා ප්‍රිය නො කරන යමක් ධර්ම දූතයෙකු නුඹලා වෙත ගෙන ආ සෑම විටක ම නුඹලා උඩඟුකම් පෑවෙහු ය. එවිට නුඹලා පිරිසක් බොරු කළ අතර තවත් පිරිසක් ඝාතනය කළාහු ය.