caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 219

මදීනා · revelation order 87 · 2:219

يَسْـَٔلُونَكَ عَنِ ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ قُلْ فِيهِمَآ إِثْمٌ كَبِيرٌ وَمَنَٰفِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا وَيَسْـَٔلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ ٱلْعَفْوَ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَٰتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘(නබිවරය!) සුරාව හා සූදුව පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහි මහත් පාපය හා ජනයාට යම් ප්‍රයෝජන ඇති බවත්, නමුත් ඒ දෙකෙහි ප්‍රයෝජනයට වඩා ඒ දෙකෙහි පාපය අතිමහත් බවත්’ පවසනු. තවද ‘තමන් වියදම් කළ යුත්තේ කුමක් දැ?’ යි ද නුඹගෙන් ඔවුහු විමසති. ‘අතිරේක දෑ (වියදම් කරනු)’ යැයි පවසනු. මෙලෙසය අල්ලාහ් නුඹලාට සිතන්නට හැකි වනු පිණිස නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70