وَٱتَّبَعُوا۟ مَا تَتْلُوا۟ ٱلشَّيَٰطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَٰنَ وَمَا كَفَرَ سُلَيْمَٰنُ وَلَٰكِنَّ ٱلشَّيَٰطِينَ كَفَرُوا۟ يُعَلِّمُونَ ٱلنَّاسَ ٱلسِّحْرَ وَمَآ أُنزِلَ عَلَى ٱلْمَلَكَيْنِ بِبَابِلَ هَٰرُوتَ وَمَٰرُوتَ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّىٰ يَقُولَآ إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِۦ بَيْنَ ٱلْمَرْءِ وَزَوْجِهِۦ وَمَا هُم بِضَآرِّينَ بِهِۦ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَلَقَدْ عَلِمُوا۟ لَمَنِ ٱشْتَرَىٰهُ مَا لَهُۥ فِى ٱلْـَٔاخِرَةِ مِنْ خَلَٰقٍ وَلَبِئْسَ مَا شَرَوْا۟ بِهِۦٓ أَنفُسَهُمْ لَوْ كَانُوا۟ يَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු සුලෙයිමාන්ගේ පාලන සමයේ ෂෙයිතානුන් පාරායනා කළ දෑ අනුගමනය කළෝ ය. සුලෙයිමාන් ප්‍රතික්ෂේප නො කළේ ය. එහෙත් ප්‍රතික්ෂේප කළේ ෂෙයිතානුන් ය. ඔවුහු ජනයාට හූනියම ද, බැබිලෝනියාවේ හාරූත් මාරූත් යන මලක්වරුන් දෙදෙනාට පහළ කරනු ලැබූ දෑ ද ජනයාට ඉගැන් වූහ. එහෙත් ඔවුන් දෙදෙනා සැබැවින් ම “අපි පරීක්ෂණයකි. එබැවින් නුඹ ප්‍රතික්ෂේප නො කරනු”යි පවසා සිටීමෙන් මිස කිසිවෙකුට ඉගැන්නුවේ නැත. එවිට ඔවුන් දෙදෙනාගෙන් සැමියා හා තම බිරිය අතර වෙන් කර වන දෑ ඔවුහු ඉගෙන ගනිති. අල්ලාහ්ගේ අනුබලයෙන් මිස කිසිවෙකුට කිසි වකින් හානි පමුණුවන්නන් ලෙස ඔවුහු නො වූහ. තවද ඔවුනට හානි පමුණු වන ඔවුනට ප්‍රයෝජනවත් නො වන දෑ ඉගෙන ගනිති. තවද එය මිලට ගත් අයට පර ලොවෙහි කිසිදු කොටසක් නොමැති බව සැබැවින් ම ඔවුහු දැන සිටියහ. ඔවුහු කවර දෙයක් ඒ වෙනුවට තමන්ව විකුණා දැමුවේ ද සැබැවින් ම එය නපුරු විය. ඔවුහු (මේ ගැන) දැන සිටියාහු නම්.