وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًۢا بَيْنَ ٱلْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ ٱللَّهَ وَرَسُولَهُۥ مِن قَبْلُ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَآ إِلَّا ٱلْحُسْنَىٰ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَٰذِبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerහානි සිදු කිරීමටත්, දේව ප්‍රතික්ෂේපයටත්, දේවත්වය විශ්වාස කරන්නන් අතර බෙදුම් ඇති කිරීමටත්, මීට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ සටන් කළවුනට අභය ස්ථානයක් ලෙසටත්, දේවස්ථානයක් (ඉදි කර) ගත් ඔවුහු "අපි යහපත මිස වෙනෙකක් අපේක්ෂා නො කළෙමු" යැයි දිවුරා පවසති. තවද නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු බව අල්ලාහ් සාක්ෂි දරයි.