ٱعْلَمُوٓا۟ أَنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌۢ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَٰدِ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ ٱلْكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَٰمًا وَفِى ٱلْـَٔاخِرَةِ عَذَابٌ شَدِيدٌ وَمَغْفِرَةٌ مِّنَ ٱللَّهِ وَرِضْوَٰنٌ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَٰعُ ٱلْغُرُورِ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මෙලොව ජීවිතය වනාහි කෙළියකි. තවද විනෝදයකි. තවද අලංකාරයකි. තවද නුඹලා එකිනෙකා අතර පුරසාරම් දොඩන්නකි. තවද ධනය හා දරුවන් සම්බන්ධයෙන් (තරඟකාරී ලෙස) වැඩි කර ගන්නකි. (එය) වර්ෂාවක් මෙනි. එය පැළෑටිහට ගන්වා සාරවත් බවට පත් වීම (දෙවියන් ප්‍රතික්ෂේප කරන) ගොවියන් සතුටට පත් කළේ ය. පසුව එය වියළී කහ පැහැ ගැන්වී පසුව ඉපණැලි බවට පත් වනු නුඹ දකිනු ඇත. එහෙත් මතු ලොවෙහි දැඩි දඬුවමක් හා අල්ලාහ්ගෙන් වූ සමාව හා තෘප්තිය ඇත. මෙලොව ජීවිතය රවටාලන භුක්ති විඳීමක් මිස නැත.