وَلَمَّا وَرَدَ مَآءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةً مِّنَ ٱلنَّاسِ يَسْقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمْرَأَتَيْنِ تَذُودَانِ قَالَ مَا خَطْبُكُمَا قَالَتَا لَا نَسْقِى حَتَّىٰ يُصْدِرَ ٱلرِّعَآءُ وَأَبُونَا شَيْخٌ كَبِيرٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මද්යන්හි ජලාශයක් අසලට ඔහු පැමිණි කල්හි ජනයා අතරින් (තම ගොවිපළ සතුන්ට) ජලය සපයන ප්‍රජාවක් දුටුවේ ය. තවද ඔවුන් හැර (ඉන්) වැළකී සිටින කතුන් දෙදෙනකු ද ඔහු දුටුවේ ය. ඔබ දෙදෙනා අහකට වී සිටින්නේ ඇයි දැ? යි ඔහු විමසී ය. මෙම එඬේරුන් පිටව යන තෙක් අපට ජලය සැපයිය නොහැකි ය. තවද අපගේ පියාණන් ඉතා වයෝවෘද්ධ කෙනෙකි යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝ ය.