caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 247

මදීනා · revelation order 87 · 2:247

وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ ٱللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا قَالُوٓا۟ أَنَّىٰ يَكُونُ لَهُ ٱلْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِٱلْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِّنَ ٱلْمَالِ قَالَ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰهُ عَلَيْكُمْ وَزَادَهُۥ بَسْطَةً فِى ٱلْعِلْمِ وَٱلْجِسْمِ وَٱللَّهُ يُؤْتِى مُلْكَهُۥ مَن يَشَآءُ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ‘සැබැවින් ම අල්ලාහ් තාලූත්ව නුඹලාට රජෙකු ලෙස එවා ඇත්තේ යැයි’ ඔවුන්ගේ නබිවරයා ඔවුනට පැවසුවේ ය. ‘අප ඔහුට වඩා පාලනය සමබන්ධයෙන් සුදුස්සන්ව සිටිය දී හා ධනයෙන් කිසිදු සමෘද්ධියක් ඔහුට දෙනු නො ලැබ තිබිය දී අප පාලනය කිරීම ඔහුට කෙසේ නම් හැකි වේ දැ?’ යි ඔවුහු ඇසූහ. සැබැවින් ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා ගෙන ඇත්තේ ය. තවද දැනුමෙහි හා ශරීරයෙහි පුළුල් භාවය ඔහුට අමතරව ලබා දී ඇත්තේ ය. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට තම පාලනය පිරිනමන්නේ ය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70