وَٱلْمُطَلَّقَٰتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلَٰثَةَ قُرُوٓءٍ وَلَا يَحِلُّ لَهُنَّ أَن يَكْتُمْنَ مَا خَلَقَ ٱللَّهُ فِىٓ أَرْحَامِهِنَّ إِن كُنَّ يُؤْمِنَّ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِى ذَٰلِكَ إِنْ أَرَادُوٓا۟ إِصْلَٰحًا وَلَهُنَّ مِثْلُ ٱلَّذِى عَلَيْهِنَّ بِٱلْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerදික්කසාද කරනු ලැබූ තැනැත්තියන් තමන් විසින් (මාස් ශුද්ධි) වාර තුනක් බලාපොරොත්තුවෙන් සිටිය යුතු ය. ඔවුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ ගර්භාෂයන් තුළ අල්ලාහ් මැවූ දෑ සැඟවීම ඔවුන්ට අනුමත නොමැත. එම විෂයෙහි ඔවුන් දෙදෙනා සමාදානය අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ව නැවත (එක්කර) ගැනීමට වඩාත් උචිත වන්නෝ ඔවුන්ගේ ස්වාමි පුරුෂයෝ ය. ඔවුන් මත (ස්වාමි පුරුෂයා) යහ අයුරින් කටයුතු කරන සේම ඔවුනටත් අයිතීන් ඇත. එහෙත් ඔවුනට වඩා පිරිමින්ට නිලයක් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය. සර්ව ප්‍රඥාවන්ත ය.