caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා At-Tawba, වාක්‍ය 40

මදීනා · revelation order 113 · 9:40

إِلَّا تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ ٱللَّهُ إِذْ أَخْرَجَهُ ٱلَّذِينَ كَفَرُوا۟ ثَانِىَ ٱثْنَيْنِ إِذْ هُمَا فِى ٱلْغَارِ إِذْ يَقُولُ لِصَٰحِبِهِۦ لَا تَحْزَنْ إِنَّ ٱللَّهَ مَعَنَا فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيْهِ وَأَيَّدَهُۥ بِجُنُودٍ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلسُّفْلَىٰ وَكَلِمَةُ ٱللَّهِ هِىَ ٱلْعُلْيَا وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා (අපගේ දූතයාණන් වන) මොහුට උදව් නො කරන්නෙහු නම් (දැන ගනු) දෙදෙනාගෙන් දෙවැන්නා ලෙස ඔහු සිටියදීත්, දේව ප්‍රතික්ෂේප කළවුන් ඔහුව පිටුවහල් කළ අවස්ථාවේ දීත්, ඔවුන් දෙදෙනා ම එම ගුහාවෙහි සිටි අවස්ථාවේදීත් "නුඹ දුක් නො වනු. නියත වශයෙන් ම අල්ලාහ් අප සමඟය" යැයි ඔහු තම සඟයාට කියූ අවස්ථාවේදීත්, සැබැවින් ම අල්ලාහ් ඔහුට උදව් කර ඇත. එවිට අල්ලාහ් ඔහුගේ ශාන්තිය ඔහු වෙත පහළ කළේ ය. නුඹලා නුදුටු සේනාවක් මඟින් ඔහුව ශක්තිමත් කළේ ය. ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශය පහත් බවට පත් කළේ ය. තවද අල්ලාහ්ගේ ප්‍රකාශය වන එය මය උසස් වන්නේ. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; ප්‍රඥාවන්ත ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70