وَإِذْ أَخَذَ رَبُّكَ مِنۢ بَنِىٓ ءَادَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَىٰٓ أَنفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قَالُوا۟ بَلَىٰ شَهِدْنَآ أَن تَقُولُوا۟ يَوْمَ ٱلْقِيَٰمَةِ إِنَّا كُنَّا عَنْ هَٰذَا غَٰفِلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගෙන් ඔවුන්ගේ කොදුවලින් ඔවුන්ගේ පරපුර ගෙන ඔවුනට එරෙහිව ඔවුන් ම සාක්ෂි දැරීමට පත් කොට නුඹලාගේ පරමාධිපති මා නො වේ දැ? යි විමසූ අවස්ථාව සිහිපත් කරනු. එසේය අපි සාක්ෂි දරමු යැයි ඔවුහු පැවසුවෝ ය. (එසේ ප්‍රතිඥාවක් ගනු ලැබුවේ) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ‘නියත වශයෙන් ම අපි මේ ගැන අනවධානීන් ලෙස සිටියෙමු යැයි නුඹලා නො පවසනු පිණිස ය.