وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٍ مِّنَ ٱلْمُشْرِكِينَ قَتْلَ أَوْلَٰدِهِمْ شُرَكَآؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا۟ عَلَيْهِمْ دِينَهُمْ وَلَوْ شَآءَ ٱللَّهُ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද එලෙස ම ආදේශ තබන්නන්ගෙන් බහුතරයක් දෙනාට තම දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ හවුල්කාර දෙවිවරු අලංකාර කර පෙන්වී ය. ඔවුන් (හවුල්කරුවන්) ඔවුන්ව විනාශ කරනු පිණිස හා ඔවුන්ගේ දහම ඔවුනට විකෘති කර පෙන්වනු පිණිස ය. අල්ලාහ් සිතුවේ නම් ඔවුහු එය නො කරන්නට තිබුණි. එබැවින් ඔවුන් ගොතමින් සිටින දෑ සමඟ ඔවුන්ව නුඹ අත හැර දමනු.