مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٍ مِّن قَلْبَيْنِ فِى جَوْفِهِۦ وَمَا جَعَلَ أَزْوَٰجَكُمُ ٱلَّٰٓـِٔى تُظَٰهِرُونَ مِنْهُنَّ أُمَّهَٰتِكُمْ وَمَا جَعَلَ أَدْعِيَآءَكُمْ أَبْنَآءَكُمْ ذَٰلِكُمْ قَوْلُكُم بِأَفْوَٰهِكُمْ وَٱللَّهُ يَقُولُ ٱلْحَقَّ وَهُوَ يَهْدِى ٱلسَّبِيلَ
Sinhalese Translation - Rowwad Translation Centerමිනිසෙකුට ඔහුගේ අභ්‍යන්තරයේ හදවත් දෙකක් අල්ලාහ් ඇති නො කළේ ය. තවද ඔවුන් අතරින් නුඹලා මව(ගේ ශරීරය)ට සමකරන නුඹලාගේ බිරියන් නුඹලාගේ මව්වරුන් නො වේ. තවද නුඹලා (තම පුතුන් ලෙස) වාද කරන්නන් නුඹලාගේ පුතුන් නො වේ. එය නුඹලාගේ මුඛවලින් නුඹලා පවසන ප්‍රකාශයයි. තවද අල්ලාහ් සත්‍යය පවසයි. තවද ඔහු ඍජු මග පෙන්වයි.