إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَإِذَا كَانُوا۟ مَعَهُۥ عَلَىٰٓ أَمْرٍ جَامِعٍ لَّمْ يَذْهَبُوا۟ حَتَّىٰ يَسْتَـْٔذِنُوهُ إِنَّ ٱلَّذِينَ يَسْتَـْٔذِنُونَكَ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ فَإِذَا ٱسْتَـْٔذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَن لِّمَن شِئْتَ مِنْهُمْ وَٱسْتَغْفِرْ لَهُمُ ٱللَّهَ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය විශ්වාස කරන්නන් වනාහි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන් ය. තවද ඔවුහු ඔහු සමඟ යම් සාමුහික කරුණක සිටි විට ඔහුගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු නික්ම නො යති. නියත වශයෙන් ම නුඹගෙන් අවසර පැතූවන් වනාහි ඔවුහු මය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කරන්නෝ. එහෙයින් ඔවුන්ගේ ඇතැම් කරුණු සඳහා ඔවුහු නුඹගෙන් අවසර පැතූ විට ඔවුන් අතරින් නුඹ කැමති අයට අවසර දෙනු. තවද ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහාකරුණාන්විත ය.