لَّيْسَ عَلَى ٱلْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى ٱلْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى ٱلْمَرِيضِ حَرَجٌ وَلَا عَلَىٰٓ أَنفُسِكُمْ أَن تَأْكُلُوا۟ مِنۢ بُيُوتِكُمْ أَوْ بُيُوتِ ءَابَآئِكُمْ أَوْ بُيُوتِ أُمَّهَٰتِكُمْ أَوْ بُيُوتِ إِخْوَٰنِكُمْ أَوْ بُيُوتِ أَخَوَٰتِكُمْ أَوْ بُيُوتِ أَعْمَٰمِكُمْ أَوْ بُيُوتِ عَمَّٰتِكُمْ أَوْ بُيُوتِ أَخْوَٰلِكُمْ أَوْ بُيُوتِ خَٰلَٰتِكُمْ أَوْ مَا مَلَكْتُم مَّفَاتِحَهُۥٓ أَوْ صَدِيقِكُمْ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَأْكُلُوا۟ جَمِيعًا أَوْ أَشْتَاتًا فَإِذَا دَخَلْتُم بُيُوتًا فَسَلِّمُوا۟ عَلَىٰٓ أَنفُسِكُمْ تَحِيَّةً مِّنْ عِندِ ٱللَّهِ مُبَٰرَكَةً طَيِّبَةً كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَٰتِ لَعَلَّكُمْ تَعْقِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ නිවෙස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව්වරුන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ සහෝදරියන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ පිය පාර්ෂවයේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස්වල හෝ යතුරු තමන් සන්තකයේ ඇති නිවෙස්වල හෝ නුඹලාගේ මිතුරන්ගේ නිවෙස්වල හෝ නුඹලා ආහාර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. එමෙන් ම අන්ධයා කෙරෙහි හෝ කොරා කෙරෙහි හෝ රෝගියා කෙරෙහි හෝ වරදක් නැත. නුඹලා එකට ආහාර ගැනීම හෝ කණ්ඩායම් වශයෙන් වෙන්ව ආහාර ගැනීම හෝ වරදක් නැත. නුඹලා නිවෙස්වලට පිවිසෙන්නෙහු නම් අල්ලාහ් අබියසින් වූ යහපත් අභිවෘද්ධිමත් පැතුමක් වශයෙන් නුඹලා වෙත සලාම් පවසනු. අල්ලාහ් නුඹලාට එලෙස එම වදන් පැහැදිලි කරනුයේ නුඹලා වටහා ගනු පිණිස ය.