ثُمَّ أَنتُمْ هَٰٓؤُلَآءِ تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِّنكُم مِّن دِيَٰرِهِمْ تَظَٰهَرُونَ عَلَيْهِم بِٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَإِن يَأْتُوكُمْ أُسَٰرَىٰ تُفَٰدُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ ٱلْكِتَٰبِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَآءُ مَن يَفْعَلُ ذَٰلِكَ مِنكُمْ إِلَّا خِزْىٌ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَيَوْمَ ٱلْقِيَٰمَةِ يُرَدُّونَ إِلَىٰٓ أَشَدِّ ٱلْعَذَابِ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව (මෙසේ ප්‍රතිඥා දීමෙන් පසු) නුඹලා නුඹලාව ම ඝාතනය කරන්නෙහු ය. නුඹලා අතුරින් පිරිසක්ව ඔවුන්ගේ නිවෙස්වලින් නුඹලා බැහැර කරන්නෙහු ය. පාපී ලෙස හා සතුරුකමින් ඔවුනට එරෙහිව නුඹලා එකිනෙකා උදව් කරගන්නෙහු ය. නුඹලා වෙත සිරකරුවන් ලෙස ඔවුන් පැමිණි විට නුඹලා වන්දි ලබා දී ඔවුන්ව මුදවා ගන්නෙහු ය. එසේ නුඹලා ඔවුන්ව බැහැර කිරීම පවා තහනම්ව තිබී ය. නුඹලා දේව ග්‍රන්ථයෙන් කොටසක් විශ්වාස කර තවත් කොටසක් ප්‍රතික්ෂේප කරන්නෙහු ද? නුඹලා අතුරින් එසේ කරන්නන්හට මෙලොව ජීවිතයේ අවමානය මිස වෙනත් ප්‍රතිඵලයක් නොමැත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ දැඩි වේදනාවට ඔවුහු යොමු කරනු ලැබෙති. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නො සලකා හරින්නෙකු නො වේ.