caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 221

මදීනා · revelation order 87 · 2:221

وَلَا تَنكِحُوا۟ ٱلْمُشْرِكَٰتِ حَتَّىٰ يُؤْمِنَّ وَلَأَمَةٌ مُّؤْمِنَةٌ خَيْرٌ مِّن مُّشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلَا تُنكِحُوا۟ ٱلْمُشْرِكِينَ حَتَّىٰ يُؤْمِنُوا۟ وَلَعَبْدٌ مُّؤْمِنٌ خَيْرٌ مِّن مُّشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُو۟لَٰٓئِكَ يَدْعُونَ إِلَى ٱلنَّارِ وَٱللَّهُ يَدْعُوٓا۟ إِلَى ٱلْجَنَّةِ وَٱلْمَغْفِرَةِ بِإِذْنِهِۦ وَيُبَيِّنُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerදේව ආදේශ තබන්නියන්ව ඔවුන් විශ්වාස කරන තෙක් විවාහ කර නො ගනු. ඇය නුඹලාට ආකර්ශනීය වුව ද දේව විශ්වාසී වහලිය ආදේශ තබන්නියට වඩා උතුම් ය. තවද ආදේශ තබන්නන්හට ඔවුන් විශ්වාස කරන තෙක් විවාහ කර නො දෙනු. ඔහු නුඹලාට ආකර්ශනීය වුව ද දේව විශ්වාසී වහලා ආදේශ තබන්නාට වඩා උතුම් ය. මොවුන් ඇරයුම් කරනුයේ (නිරයේ) ගින්න වෙත ය. තවද අල්ලාහ් ඔහුගේ අනුභාවයෙන් ඇරයුම් කරනුයේ ස්වර්ගය හා සමාව වෙත ය. තවද ජනයා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස තම වදන් ජනයාට ඔහු (මෙසේ) පැහැදිලි කරන්නේ ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70