قُل لِّمَن مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ قُل لِّلَّهِ كَتَبَ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَا رَيْبَ فِيهِ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි හා මහපොළොවෙහි ඇති දෑ කවුරුන් සතු දැ? යි නුඹ අසනු. සියල්ල අල්ලාහ් සතුය යැයි පවසනු. (අල්ලාහ්) තමන් වෙත කරුණාව නියම කර ගත්තේ ය. සැබැවින් ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු නුඹලාව එක් රැස් කරනු ඇත. එහි කිසිදු සැකයක් නැත. තමන් තමන්ට ම අලාභහානි කර ගත්තවුන් වනාහි ඔවුහු දේවත්වය විශ්වාස නො කරති.