لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغْوِ فِىٓ أَيْمَٰنِكُمْ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلْأَيْمَٰنَ فَكَفَّٰرَتُهُۥٓ إِطْعَامُ عَشَرَةِ مَسَٰكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٍ ذَٰلِكَ كَفَّٰرَةُ أَيْمَٰنِكُمْ إِذَا حَلَفْتُمْ وَٱحْفَظُوٓا۟ أَيْمَٰنَكُمْ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَشْكُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ දිවුරීම්හි නිකමට පවසන දෑ වෙනුවෙන් අල්ලාහ් නුඹලාව හසු නො කරයි. එහෙත් නුඹලාව ඔහු හසු කරනුයේ තිරසාර ලෙස පවසන දිවුරීම් වෙනුවෙනි. (දිවුරුම කඩ කළේ නම්) එවිට එහි ප්‍රතිකර්මය වනුයේ නුඹලාගේ පවුලට ආහාර වශයෙන් නුඹලා මධ්‍යස්ථව ලබා දෙන දැයින් දුගියන් දස දෙනෙකුට ආහාර සැපයීම ය. නැතහොත් ඔවුනට ඇඳුම් ලබා දීම ය. එසේත් නැතහොත් වහලෙකු නිදහස් කිරීම ය. එහෙත් කවරෙකු (ඒවායින් යමක්) නො ලැබුවේද ඔහු දින තුනක් උපවාසයේ නියැළිය යුතු ය. නුඹලා දිවුරා සිටියේ නම් නුඹලාගේ දිවුරීම් (කඩ කිරීම්)වලට ප්‍රතිකර්මය වනුයේ එයයි. තවද නුඹලාගේ දිවුරීම් ආරක්ෂා කරනු. නුඹලා කෘතවේදී වනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ එලෙස ය.