وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَىٰ حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَىْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَىٰٓ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفْسِهِۦ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ
Sinhalese Translation - Rowwad Translation Centerතවද (බර) උසුලන්නෙකු තවකෙකුගේ බර නො උසුලයි. තවද බර උසුලනු ලැබූ තැනැත්තා තමන්ගේ බර ඉසිලීමට (අනෙකාට) ඇරයුම් කළ ද (ඔහු) සමීප ඥාතියකු වුව ද එය ඉසිලීමට කිසිවෙකු ඉදිරිපත් නො වේ. (නබිවරය!) නියත වශයෙන් ම නො පෙනී සිටිය දී තම පරමාධිපතිට බියවන්නන් හා සලාතය විධිමත්ව ඉටු කරන්නන් වෙත පමණක් නුඹට අවවාද කළ හැකි ය. තවද කවරෙකු (පාපයෙන්) පිවිතුරු කර ගන්නේ ද එසේ ඔහු පිවිතුරු කර ගනුයේ තමන්ට ම ය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත ය.