فَقَالُوا۟ رَبَّنَا بَٰعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَجَعَلْنَٰهُمْ أَحَادِيثَ وَمَزَّقْنَٰهُمْ كُلَّ مُمَزَّقٍ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ
Sinhalese Translation - Rowwad Translation Center“අපගේ පරමාධිපතියාණනි! අපගේ ගමන් අතර දුරස් කරනු මැනව” යැයි ඔවුහු ඉල්ලා සිටියෝ ය. ඔවුහු ඔවුනට ම අපරාධ කර ගත්තෝ ය. එහෙයින් අපි ඔවුන් (පුරාණ) පුවත් බවට පත් කළෙමු. තවද ඔවුන්ව මුළුමණින් ම වෙන් කර විසුරුවා හැරියෙමු. නියත වශයෙන් ම එහි ඉවසිලිවන්ත කෘතවේදී සෑම කෙනෙකුට ම සංඥා ඇත.